
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
විහාරස්ථානයේ වැඩිදියුණුව සඳහා කියමින් ආධාර මුදල් එකතු කරමින් ත්‍රිරෝද රථයෙන් ගමන්ගත් භික්ෂුවක පිටතට ඇද දමා එම භික්ෂුව ළඟ තිබූ රුපියල් 40,000ක මුදලක්ද ත්‍රිරෝද රථයද කොල්ලකාගෙන රියැදුරා පෙරේදා (25) දහවල් පළාගොස් ඇතැයි සීගිරිය පොලිසිය පවසයි.
දන්තුරේ පොත්ගුල් විහාරයේ වැඩවෙසෙන අදාළ ගිරිබාගම ධම්මනන්ද නම් භික්ෂුව මේ බව සීගිරිය පොලිසියට පැමිණිලි කර ඇත.
පැහැරගෙන ගිය ත්‍රිරෝද රථයේ අයිතිය තිබෙන්නේද මෙම පැමිණිලිකාර භික්ෂුවට යැයි පොලිසිය කියයි.
මුදල් සහ ත්‍රිරෝද රථය පැහැරගෙන පළාගිය එම රථයේ රියැදුරාගේ නම ද පැමිණිල්ලේ සඳහන් කර ඇති බව පොලිසිය පවසයි.
සීගිරිය පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් කණ්ඩායමක් සැකකරු අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ පවත්වයි.(ලංකාදීප)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart