
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
සියෙරා ලියොන් රාජ්‍යයේ ජනාධිපති ජූලියස් මාඩා බයෝ (Julius Maada Bio අද (20) රාත්‍රියේ ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.
ඔක්තෝබර් 21 සිට 26 දක්වා සැමෝවා හි පැවැත්වෙන පොදුරාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවට (CHOGM) යන අතරතුර ජනාධිපති බයෝ කෙටි වේලාවකට පමණක් ශ්‍රී ලංකාවට පැමිණේ.
සියෙරා ලියෝන් ජනාධිපතිවරයා රාත්‍රියේ ශ්‍රී ලංකාවේ රැඳී සිටින අතර හෙට සඳුදා සැමෝවා වෙත යාමට නියමිතය.
මෙම සංචාරය පෞද්ගලික මට්ටමින් සිදුකරන බැවින් ඔහු ජනාධිපති අනුර කුමාර දිසානායක හමුවීමට නොපැමිණේ.
කෙසේවෙතත්, විදේශ අමාත්‍ය විජිත හේරත් හෙට පෙරවරු 10.30ට ජනාධිපති බයෝ හමුවනු ඇත.
සියරා ලියෝන් ජනාධිපතිවරයා වෙනත් ගමනාන්තයකට ගමන් කරමින් සිටියදී පෞද්ගලික වශයෙන් පමණක් පැමිණියද වුවද රාජ්‍ය නායකයකු ලෙස ප්‍රභූවරයෙකුට ආරක්ෂාව සහ අනෙකුත් සියලු පහසුකම් ලබාදෙන බව අමාත්‍ය විජිත හේරත් සන්ඩේ ටයිම්ස් වෙත පවසා ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart