
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
කටුකුරුන්ද දුම්රියපොළ පාර ප්‍රදේශයේ නිවසකට එල්ල වූ වෙඩි ප්‍රහාරයකින් පුද්ගලයකු මියගොස් තිබේ.
එම වෙඩි තැබීමෙන් ඔහුගේ 7 හැවිරිදි දියණිය තුවාල ලබා ඇත.
යතුරුපැදියකින් පැමිණි නාදුනන තුවක්කරුවකු විසින් වෙඩිතැබීම සිදුකර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව පවසයි.
වෙඩි ප්‍රහාරයෙන් මියගොස් ඇත්තේ, 43 හැවිරිදි පුද්ගලයෙකි.
ටී 56 වර්ගයේ ගිනි අවියකින් වෙඩි තැබීම සිදුකර ඇති බවට මෙතෙක් කළ පරීක්ෂණවලදී තහවුරුව ඇතැයි පොලිසිය සඳහන් කරයි.
මියගොස් ඇති පුද්ගලයා අපරාධ රැසකට සම්බන්ධ අයකු බවද පොලිසිය පවසයි.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart