September 3, 2025

අද දින මාලිගාවත්ත ප්‍රදේශයේදී යතුරුපැදියකින් පැමිණි නාඳුනන තුවක්කුකරුවන් විසින් සිදුකරන ලද වෙඩි තැබීමකින් පුද්ගලයකුට තුවාල සිදුවී තිබේ.

පොලිසියට අනුව, තුවාල ලැබූ පුද්ගලයා එම ප්‍රදේශයේ අමතර කොටස් වෙළඳසැලක සේවකයකු ලෙස හඳුනාගෙන තිබේ.

වෙඩි තැබීම සඳහා ටී -56 ගිනි අවියක් භාවිතාකර ඇති බවට වාර්තා වන බව පොලිසිය පැවසීය.

තුවාල ලැබූ පුද්ගලයා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ.