September 27, 2026

බද්දේගම, හල්පතොට ප්‍රදේශයේ නිවසකට අද උදෑසන එල්ල වූ වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලැබූ පුද්ගලයින් දෙදෙනාගෙන් එක් අයෙකු මිය ගොස් තිබේ.

ප්‍රහාරයෙන් තුවාල ලැබූ තවත් කාන්තාවන් දෙදෙනෙකු බරපතල තත්ත්වයෙන් පසුවන බව ද වාර්තා වේ.

මෝටර් රථයකින් පැමිණි පුද්ගලයෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර පලාගොස් ඇති බව පොලිසිය අද උදෑසන සඳහන් කළේය.

මීට පෙර වාර්තා වූයේ එම වෙඩි ප්‍රහාරයෙන් අදාළ නිවසේ සිටි කාන්තාවක් හා පිරිමි පුද්ගලයෙකු තුවාල ලබා රෝහල්ගත කර ඇති බවය.

සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් කණ්ඩායම් 2ක් යටතේ විමර්ශන ආරම්භ කර ඇත.