
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
අභාවප්‍රාප්ත ව්‍යාපාරික ලලිත් කොතලාවල මියයෑමට පෙර ඔහුව නිවාස අඩස්සියේ තබා තිබූ බව ශ්‍රේෂ්ඨාධිකරණයට අද දැනුම්දෙනු ලැබීය.
ජනමාධ්‍ය වාර්තාවලට අනුව ලලිත් කොතලාවල අභාවප්‍රාප්ත වීමට පෙර නීතීඥයන් පිරිසක් විසින් ඔහුව නිවසට කොටුකරගෙන සිටි බව අද අධිකරණයට දන්වා ඇත.
ගෝල්ඩන් කී තැන්පතුකරුවන්ගේ සංගමයේ සභාපති මාර්කෝ පෙරේරා විසින් මෙම හෙළිදරව්ව කරන ලද්දේ තම සංගමය විසින් ගොනුකරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සම එස්.තුරෙයිරාජා, අචල වෙංගප්පුලි සහ ප්‍රියන්ත ෆර්නැන්ඩ් යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ විභාගයට ගත් අවස්ථාවේදීය.
ගෝල්ඩන් කී තැන්පතුකරුවන්ගේ සංගමයේ සභාපති මාර්කෝ පෙරේරා මේ සම්බන්ධයෙන් තවත් කරුණු ඉදිරිපත් කිරීමට අවසර ඉල්ලා සිටි අතර, පසුව අධිකරණය විසින් පෙත්සම් විභාගය 2024 මැයි 08 දිනට නියම කළේය.
මෙරට ප්‍රකට ව්‍යාපාරිකයෙකු වූ ලලිත් කොතලාවල කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී මේ වසරේ ඔක්තෝබර් 21 වැනිදා අභාවප්‍රාප්ත විය.
ලලිත් කොතලාවල සෙලින්කෝ කොන්සොලිඩේටඩ් සමාගමේ හිටපු සභාපතිවරයා මෙන්ම සෙලාන් බැංකුවේ ආරම්භක සභාපතිවරයාද විය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart