
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ශිරාන් බාසික් නමැති මෙරට ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවා ඩුබායි සිට ශ්‍රී ලංකාවට රැගෙන එද්දී ගුවන් යානය තුළදී ඔහුගේ රූපයට සමාන වෙනත් පුද්ගලයකු යොදවා කටුනායක ගුවන්තොටුපළේදී ඔහු අත්අඩංගුවට පත්වීමට ඉඩ නොදී නියම ශිරාන් බාසික් පළායෑමට කළ සැලසුමක් ගුවන් යානය මාරුවීම් නිසා අසාර්ථක වූ බවට තොරතුරු මේ වනවිට අනාවරණය වී ඇත.
ආරංචි මාර්ග පවසන අන්දමට ශිරාන් බාසික් ඩුබායි සිට මෙරටට රැගෙන ඒමට මුලින් සූදානම් කර තිබූ ගුවන් යානයේ ඔහුට පැමිණීමට අවස්ථාව ලැබී නැත. ශිරාන් බාසික් ලෙස සිටි ඩූප්ලිකේට් පුද්ගලයා එම යානයේ පැමිණ ඇත්තේ කළින් කළ සැලසුමකට අනුවය. යානය මාරුවීම් නිසා ශිරාන් බාසික් වෙනත් පුද්ගලයකු යොදාගෙන පළායෑමට කළ සැලසුම ව්‍යර්ථ වී තිබේ.
ශිරාන් බාසික් ඩුබායි රාජ්‍යයෙන් පිටුවහල් කරන බව එරට පොලිසිය විසින් ශ්‍රී ලංකා පොලිසිය වෙත කිසිදු දැනුම්දීමක් කර තිබී නැත. එය අවස්ථාවක් කර ගත් ශිරාන් බාසික් තම රූපයට සමාන වෙනත් පුද්ගලයකු තමන් රැගෙන යන යානයෙන්ම ශ්‍රී ලංකාවට ගෙන යෑමට සැලසුම් කර ඇත. එසේම එම පුද්ගලයා රැගෙන ගොස් කටුනායක ගුවන්තොටුපළේදී ඔහු ශිරාන් බාසික් ලෙස පෙනීසිට අත්අඩංගුවට පත්වීමට ඉඩහැරීමට සූදානම් කරගෙන සිට ඇත.
ඒ අතර නියම ශිරාන් බාසික් වෙනත් විදේශ ගමන් බලපත්‍රයක් යොදාගෙන කටුනායක ගුවන්තොටුපළෙන් පිටවී ගොස් පසුව යුරෝපා රටකට පළායෑමට සැලසුම් කරගෙන සිට ඇති බවට තොරතුරු මේ වනවිට අනාවරණය වී තිබේ.
මෙසේ පළායෑම වෙනුවෙන් ශිරාන් බාසික් අතිවිශාල මුදලක් ද වැයකර ඇති බව ආරංචි මාර්ග පවසයි. ශිරාන් බාසික් නමැති මෙරට ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරු ඩුබායි පොලිසිය මගින් අත්අඩංගුවට ගත්තේ ඉකුත් මැයි මාසයේදීය.
ඔහු අත්අඩංගුවට ගනු ලබන්නේ ඉරානයට සහාය පළකරමින් ඩුබායි වෙත ප්‍රහාර එල්ල කළ ඩ්‍රෝන යානා මිසයිල සහ ප්‍රහාර එල්ල කරන ආකාරය සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කිරීමේ චෝදනාව යටතේය.
මාස දෙකකට අධික කාලයක් එරට පොලිසියේ රඳවා සිටි ශිරාන් බාසික් ශ්‍රී ලංකාවට පිටුවහල් කරන්නේ පසුගිය 14 වැනි සිකුරාදා රාත්‍රී කාලයේදීය.
ශිරාන් බාසික් ඩුබායි ගුවන්තොටුපළෙන් ශ්‍රී ලංකාවට පිටුවහල් කරන බව මෙරට පොලිස් බුද්ධි අංශ වෙත තොරතුරක් ලැබෙන්නේ එරට සිටි ඔත්තුකරුවකුගේ මාර්ගයෙනි.
එසේ ඔත්තුවක් ලැබීමෙන් පසු ක්‍රියාත්මක වූ ශ්‍රී ලංකා පොලීසිය කටුනායක ගුවන්තොටුපළ වෙත ගොස් ශිරාන් බාසික් අත්අඩංගුවට ගැනීමට සූදානමින් සිටියහ.
සිය සැලසුම් ව්‍යර්ථ වීමෙන් පසු කටුනායක ගුවන්තොටුපළ වෙත තනිවම පැමිණි ශිරාන් බාසික් අත්අඩංගුවට පත්විය.
මේ වනවිට මෙම අපරාධකරු මධ්‍යම අපරාධ විමර්ශන ඒකකයේ රඳවාගෙන ප්‍රශ්න කරයි. මේ අතර අත්අඩංගුවට පත් ශිරාන් බාසික් දින 90ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයට අවසර ලබාදී තිබේ.
(දිවයින)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart