
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
අබුඩාබි නුවර සිට ඊයේ (15) රාත්‍රියේ මෙරටට රැගෙන එන ලද ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ශිරාන් බාසික් නැමැත්තා අන්තර්ජාතික ත්‍රස්තවාදී සංවිධාන සමඟ සමීප සබඳතා පවත්වමින් ගනුදෙනු කර ඇති බවට තොරතුරු අනාවරණය වී තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී එෆ්. යූ. වුට්ලර් විශේෂ ප්රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් සඳහන් කළේ, මධ්‍යම අපරාධ විමර්ශන කොට්ඨාසය භාර පොලිස් අධිකාරීවරයාට හිමි බලතල ප්‍රකාරව සැකකාර ශිරාන් බාසික් පැය 72ක කාලයක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර ලබාගෙන ඇති බවයි.
දෙහිවල ප්‍රදේශයේ පදිංචි 48 හැවිරිදි මොහු මෙරටට මහාපරිමාණයෙන් මත්ද්‍රව්‍ය බෙදාහරින ප්‍රධානතම ජාවාරම්කරුවන් පස්දෙනාගෙන් එක් අයකු ලෙස හඳුනාගෙන ඇත.
අන්තර්ජාතික පොලිසිය මගින් නිකුත් කරන ලද රතු නිවේදනවලට අනුව පසුගිය මැයි 26 වනදා ඩුබායි පොලිසිය මගින් මොහුව අත්අඩංගුවට ගත් අතර, පෙරේදා රාත්‍රියේ වැඩිදුර විමර්ශන සඳහා මෙරට මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය වෙත භාර දෙන ලදී.
මොහුට අයත් දෙහිවල ප්‍රදේශයේ පිහිටි හෝටලයක් ද 2024 ජනවාරි 01 වනදා පොලිසිය විසින් කඩා ඉවත් කිරීමට පියවර ගෙන තිබිණි.
එමෙන්ම විදේශයන්හි සැඟව සිටින, රතු වරෙන්තු නිකුත් කර ඇති තවත් අපරාධකරුවන් 72 දෙදෙනකු ඉදිරියේදී මෙරටට ගෙන ඒමට කටයුතු යොදා ඇති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් අනාවරණය කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart