
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ලොකු ළුෑණු මෙට්ට්‍රික් ටොන් 3000ක් රැගත් නෞකාවක් ලබන සඳුදා වනවිට චීනයේ සිට මෙරටට පැමිණෙන බව අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනකරුවන්ගේ සංගමය පවසයි.
ඊට අමතරව තවත් ලොකු ළුෑණු මෙට්ට්‍රික් ටොන් 3000ක් රැගත් නෞකාවක් සිංහල-දෙමළ අලුත් අවුරුද්දට පෙර මෙරටට ළඟා වන බව අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනකරුවන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක නිහාල් සෙනෙවිරත්න සඳහන් කරයි.
ඒ අනුව, ජනතාවට ලොකු ළුෑණු හිඟයකින් තොරව ලබාගත හැකි බව හෙතෙම පවසයි.
ගෙන එනු ලබන ළුෑණු රු. 375 – 400 තොග මිලකට අළෙවි කිරීමට බලපොරොත්තු වන බව ද ඔහු සඳහන් කළේ ය.
ඉන්දියාව සහ පාකිස්ථානය ළුෑණු අපනයනය නතර කිරීම හේතුවෙන් මෙරට වෙළෙඳපොළේ ලොකු ළූණුවල හිඟයක් මතුව තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart