
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයට තමන් ඉදිරිපත් නොවන බව හිටපු මුදල් රාජ්‍ය ඇමැති ශෙහාන් සේමසිංහ පවසයි.
නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු මන්ත්‍රීවරයා පැහැදිලි කළේ කෙසේවෙතත් තමන් දේශපාලනයෙන් ඉවත් වූ බවක් මින් අදහස් නොවන බවයි.
ඔහු කියා සිටියේ පැවති රජය සමඟ එක්ව ජාතිය ගොඩනැගීමට තම උපරිම සහාය ලබාදුන් නමුත් මහජනතාවට වෙනසක් අවශ්‍යව ඇති බව පෙනෙන බවයි.
ආණ්ඩුවේ සහ පාර්ලිමේන්තුවේ වෙනසක් සඳහා ජනතාවගේ ඇති ආශාවට තමන් ගරු කරන බව ප්‍රකාශ කළ සේමසිංහ මහ මැතිවරණයට තරඟ නොකිරීමට තීරණය කළ බව පවසයි.
ඒ වෙනුවට තමන් මීට පෙර පාර්ලිමේන්තුවට පත්කළ අනුරාධපුරයේ ජනතාවට සේවය කිරීමට කටයුතු කරන බවද ඔහු කියා සිටී.
කෙසේවෙතත් ඉදිරියේදී රටට අවශ්‍ය ඕනෑම අවස්ථාවක තමා කොන්දේසි විරහිතව සහාය ලබා දෙන බවද ෂෙහාන් සේමසිංහ පවසයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart