
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
තමන්ව සාවද්‍ය ලෙස අත්අඩංගුවට ගෙන නඩු පැවරීම සම්බන්ධයෙන් වත්මන් පොලිස්පතිවරයා සහ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයකු ඇතුළු ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් හතරදෙනකුට එරෙහිව රුපියල් බිලියනයක වන්දි මුදලක් ඉල්ලා විශ‍්‍රාමික ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර එන්තරවාසි යොමුකර තිබේ.
පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්, පොලිස් පරීක්ෂක ජගත් නිශාන්ත සහ සහකාර පොලිස් අධිකාරී නෙවිල් සිල්වා යන අයට මෙලෙස එන්තරවාසි යොමුකර ඇත.
ශ්‍රී ලංකා ජනරජය නියෝජනය කරමින් නීතිපතිවරයා ද එහි සඳහන් කර ඇත.
නීතීඥ මංජුල බාලසූරිය යොමුකර ඇති එම එන්තරවාසියෙන්, වගඋත්තරකරුවන් විසින් එවකට ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අබේසේකර වින්දිතයා බවට පත්කර අධිකරණ ක්‍රියාවලිය අවභාවිත කළ බවට චෝදනා කර තිබේ.
ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අබේසේකර යහපාලන ආණ්ඩුව සමයේදී, ඉහළ පෙළේ අපරාධ රැසක් විමර්ශනය කළේය.
2019 ආණ්ඩු පෙරළියත් සමඟ ඔහු හදිසියේම ගාල්ලේ පහළ තනතුරකට මාරුකර මිනීමැරුම් නඩුවක සාක්‍ෂි බොරු කිරීමේ චෝදනාව මත පසුව අත්අඩංගුවට ගනු ලැබීය.
අභියාචනාධිකරණයේ දැඩි තීන්දුවකින් ඔහු ඇප මත මුදාහැරුණු අතර, පසුව නීතිපතිවරයා විසින් එම චෝදනා ඉල්ලා අස්කර ගන්නා ලදී.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart