
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
රොෂාන් රණසිංහ ඇමැතිවරයා ඉවත් කිරීම පිටුපස තිබෙන්නේ පුද්ගලයන් කිහිපදෙනකු ආරක්ෂා කිරීම බවත්, ඔවුන් කිහිපදෙනා රටේ ව්‍යවස්ථාදායකයට, විධායක ජනාධිපතිට මෙන්ම පාර්ලිමේන්තුවට වඩා ඉහළින් සිටින බවට අදහස් වන බවත්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් සඳහන් කළේය.
ජනාධිපතිවරයාගේ අවට සිටින සුපිරි පුද්ගලයන් හට වචනයක් හෝ කිවහොත් ඇමැතිවරයාට ගෙදර යෑමට සිදුවන බවත්, ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපතිට වචනයක් හෝ කිවහොත් පාර්ලිමේන්තුව මිස ඔහු වැරදි නොමැති බවත්, ඔහු පැවැසීය.
ජනමාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.
එහිදී ඔහු මෙසේ ද පැවසීය.
”රොෂාන් රණසිංහගේ කතාවල කැබිනට් මණ්ඩලයේ අභ්‍යන්තර සාමූහිකත්වය කැඩෙන පරිදි ප්‍රකාශ වුණා කියනවා නම් එහි යම්කිසි පදනමක් ඇති. හැබැයි එය ජනාධිපතිවරයා සහ ඇමැති මණ්ඩලය කතා කරන්න ඕන දෙයක් මිස වෙන කාරණයක් නෙවෙයි.
ශම්මි කැමැති නැත්නම් පාර්ලිමේන්තුව විසුරුවන්නත් පුළුවන්. එවැනි තැනකට මේක ඇවිල්ලා ඉන්නේ. මේ රාජ්‍ය වැටෙන්නේ පුළුවන් විහිළු සහගත තැනකට වැටෙමින් ඉන්නේ.”
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart