
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ක්‍රිකට් ක්‍රීඩක ශකීබ් අල් හසන්ට අයත් වත්කම් රාජසන්තක කිරීමට බංග්ලාදේශ අධිකරණයක් නියෝග කර තිබේ.
ශකීබ්, බංග්ලාදේශයේ හිටපු නායිකා ශෙයික් හසීනාට පක්ෂපාතීව කටයුතු කළ අතර, හසීනාගේ පාලනය බිඳවැටීම හමුවේ ඔහු දේශපාලන පළිගැනීම්වලට ලක්ව සිටින බව විදෙස් ජනමාධ්‍ය වාර්තා කරයි.
ෂකීබ් යනු බංග්ලාදේශයේ පසුගිය දා උදගතවූ මහජන කැරැල්ල හමුවේ බලයෙන් පහකර පසුව අසල්වැසි ඉන්දියාවට හෙලිකොප්ටරයකින් පළාගිය හිටපු නායිකා ෂෙයික් හසීනාගේ පක්ෂයේ හිටපු මන්ත්‍රීවරයෙකි.
හසීනා සහ ශකීබ් අතර පැවැති සමීප දේශපාලන සබඳතා හේතුවෙන් ඔහු මහජනයාගේ කෝපයට ලක්ව සිටින අතර, කැරැල්ල අතරතුර විරෝධතාකරුවන්ට එරෙහිව ක්‍රියාත්මක කළ පොලිස් මර්දනයක් සම්බන්ධයෙන් මිනීමැරුම් විමර්ශනවලට මුහුණ දෙන පිරිස අතර ශකීබ් ද වේ.
එම සිදුවීම් සම්බන්ධයෙන් ශකීබ්ට එරෙහිව මෙතෙක් චෝදනා ගොනුකර නොමැති නමුත්, දැනට ඩොලර් 300,000 කට වැඩි චෙක්පත් සම්බන්ධයෙන් වංචා චෝදනා යටතේ ඔහුට එරෙහිව නඩු පවරා ඇත.
ඉකුත් ජනවාරි මාසයේදී ෂකීබ් අත්අඩංගුවට ගැනීම සඳහා අධිකරණය විසින් වරෙන්තුවක් නිකුත් කිරීමෙන් පසු ඩකා අගනුවර මහේස්ත්‍රාත්වරයා ඔහු අත්අඩංගුවට ගැනීමට පසුගිය සඳුදා යළි නියෝගයක් නිකුත් කළේය.
හසීනාගේ රජය බිඳවැටෙන විට ෂකීබ් කැනඩාවේ විස්සයි විස්ස ක්‍රිකට් තරඟයකට ක්‍රීඩාකරමින් සිටි අතර, එතැන් සිට නැවත බංග්ලාදේශයට පැමිණියේ නැත.
මෙම වමත් තුන්ඉරියව් ක්‍රීඩකයා බංග්ලාදේශය වෙනුවෙන් ටෙස්ට් තරග 71කට, එක්දින අන්තර්ජාතික තරග 247කට සහ විස්සයි20 තරග 129කට ක්‍රීඩාකර ඇති අතර, ඔහු දවා ගෙන ඇති කඩුලු සංඛ්‍යාව 712 කි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart