
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
දහහතර හැවිරිදි පාසල් සිසුවියකට ලිංගික අපයෝජනයක් සිදුකිරීමේ චෝදනාව යටතේ කුරුණෑගල ප්‍රධාන මිශ්‍ර පාසලක විද්‍යාව විෂය උගන්වන 52 හැවිරිදි ගුරුවරයකු කුරුණෑගල මූලස්ථාන පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරු මල්කඩුවාව, නන්දන මාවත ප්‍රදේශයේ පදිංචි දෙදරු පියකු වන අතර, පසුගිය ජූනි මාසයේදී නවවැනි වසරේ ඉගෙනුම ලබන මෙම සිසුවිය අපයෝජනයට ලක්ව ඇති බවට අනාවරණය වී ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් මාපියන් පාසල් බලධාරීන්ට පැමිණිලි කළද, බලධාරීන් ගුරුවරයා ආරක්ෂා කරන පිළිවෙතක් අනුගමනය කර ඇති බවට චෝදනා එල්ල වේ.
පසුව කලාප අධ්‍යාපන කාර්යාලයට ලැබුණු පැමිණිල්ලකට අනුව සිදු කළ විමර්ශනයකින් පසු සැකකරු වෙනත් පාසලකට මාරුකර යවා තිබේ.
සිද්ධිය වී මාස දෙකකට අධික කාලයක් ගතවුවද නීතිමය පියවර නොගැනීම හේතුවෙන් සිසුවියගේ පියා විසින් කුරුණෑගල මූලස්ථාන පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයට කළ පැමිණිල්ලකට අනුව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.
සැකකාර ගුරුවරයා මීට පෙර සේවය කළ කුරුණෑගල නගරයේ වෙනත් ප්‍රධාන පාසලකදී ද සිසුවියකට අපයෝජනයක් සිදුකර ඇති බවත්, එම අවස්ථාවේදී අදාළ සිසුවියගේ අනාගතය සලකා නීතිමය ක්‍රියාමාර්ග නොගෙන තිබූ අතර ඔහු වෙනත් පාසලකට මාරුවී ඇවිත් ඇති බවත් විමර්ශනවලදී වැඩිදුරටත් අනාවරණය වී තිබේ.
මේ අතර, සිද්ධිය සම්බන්ධයෙන් කුරුණෑගල කලාප අධ්‍යාපන කාර්යාලය ගත් ක්‍රියාමාර්ග පිළිබඳව වයඹ පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය මගින් වාර්තාවක් කැඳවා ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart