
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
පෙර පාසලේ සිට දහතුන ශ්‍රේණිය දක්වා සිසුන්ට ලිංගික අධ්‍යාපනය ලබාදීමේ වැඩපිළිවෙළ ලබන මාසයේ සිට ආරම්භ කිරීමට ළමයින් සඳහා වන පාර්ලිමේන්තු සංසදය තීරණය කර තිබේ.
ලිංගික දැනුම ලබා දීම සඳහා පෙර පාසල් දරුවන්ට මෙන්ම සෙසු ශ්‍රේණිවල සිසුන්ට අදාළව පොත් දාහතරක් ජාතික අධ්‍යාපන ආයතනයෙන් මේ වන විට සකස් කෙරෙමින් පවතී.
වෛද්‍යවරු, ළමා හා කාන්තා කටයුතු අමාත්‍යාංශය මෙන් ම සෞඛ්‍ය අමාත්‍යාංශ නිලධාරීහු ඒ සඳහා සහය දක්වති.
ඒ ඒ ශ්‍රේණිවලට අදාළව සකස් කෙරෙන පොත්වල අන්තර්ගත කරුණු එකිනෙකට වෙනස් වෙයි.
මෙම පොත් ලබාදෙන්නේ අතිරේක කියැවීම් පොත් වශයෙන් යැයි එම සංසදයේ සභාපතිනි, පාර්ලිමේන්තු මන්ත්‍රිනි රෝහිණී කුමාරි විජේරත්න පවසයි.
සියලුම දරුවන් වෙනුවෙන් එකවර පොත් මුද්‍රණය කිරීම අසීරු හෙයින් ප්‍රථමයෙන් ම අන්තර්ජාලය ඔස්සේ පොත පරිශීලනයට සිසුන්ට අවස්ථාව ලබාදෙන බවත් පොත් මුද්‍රණය කිරීම සඳහා රාජ්‍ය නොවන ආයතනවල සහය ලබාගන්නා බවත් සභාපතිවරිය කීවාය.
විෂය නිර්දේශ සකස් කිරීමේ ප්‍රගතිය සම්බන්ධයෙන් ලබන සතියේ පාර්ලිමේන්තුවේ දී සාකච්ඡාවක් පැවැත්වෙන බවත් එම ප්‍රගතිය අනුව වැඩපිළිවෙළ ආරම්භ කරන නිශ්චිත දිනයක් තීරණය කරන බවත් මන්ත්‍රිවරිය සඳහන් කළාය.
ළමා අපයෝජනවලට මූලිකම හේතුව ලිංගික අධ්‍යාපනය සම්බන්ධයෙන් සමාජයේ ඉතාම අවම දැනුමක් පැවතීම බව ද සභාපතිවරිය කීවාය.
ලිංගික අධ්‍යාපනය ලබාදීම සඳහා 2019 වසරේ දී හත්වැනි ශ්‍රේණියේ සිසුන්ට ‘හතේ අපේ පොත’ට විරුද්ධව ඇතැම් පිරිස් අදහස් පළකිරීම නිසා එම පොත දරුවන්ගෙන් ඉවත් කිරීමට පියවර ගැනිණි.
(අරුණ පුවත්පත)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart