July 8, 2026

දික්ඕවිට ධීවර වරායේ සිදුකරන ලද විශේෂ මෙහෙයුමකදී නීතිවිරෝධී ලෙස අල්ලන ලද මෝර මසුන් කිලෝ ග්‍රෑම් 4847 ක ප්‍රමාණයක් සමග ධීවරයන් හත් දෙනෙකු වෙරළ ආරක්ෂක බලකායේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සිය භාරයට ගෙන තිබේ.

බහුදින ධීවර යාත්‍රාවක් ආධාරයෙන් ගොඩබිමට රැ‍‍ගෙන ඒමේදී එම ධීවර යාත්‍රාව සමඟ මෝර මසුන් ‍තොගය අත්අඩංගුවට ගැනීමට කටයුතු කර ඇත

එම ධීවරයන්, මෝර මත්ස්‍ය ‍තොගය සහ ධීවර යාත්‍රාව ඉදිරි නීතිමය කටයුතු සඳහා දික්ඕවිට ධීවර පරීක්‍ෂක කාර්යාලය වෙත භාර දී තිබේ.