
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
සමගි ජන බලවේග පක්ෂය තුළ මේ වන විට බරපතළ අභ්‍යන්තර අර්බුදයක් සහ කඩාවැටීමක් නිර්මාණය වෙමින් පවතින බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම්, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී, නීතිඥ සාගර කාරියවසම් මහතා පැවැසීය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ පෙරේදා (04) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මහ ලේකම්වරයා මේ බව කියා සිටියේය.
අර්බුදයෙන් පක්ෂය ගලවා ගැනීමට එම පක්ෂයේ කිහිප දෙනෙක් අසාර්ථක උත්සහයක යෙදෙමින් සිටින බව ද හෙතෙම කීවේය.
සමගි ජන බලවේගයේ තවත් ප්‍රබල දේශපාලනඥයකු නුදුරේදීම රජය සමඟ අත්වැල් බැඳගැනීමේ පෙරනිමිති පෙන්නුම් කරමින් තිබෙන බවත් එම නායකයන් කිහිපදෙනකුම මේ වන විටත් ආණ්ඩුව සමඟ සාකච්ඡා පවත්වමින් ඉන්නා බවත් එම පක්ෂයේ දේශපාලන ගමන් මඟ පිළිබඳ එහි සිටින ප්‍රබලයන් පවා කලකිරීමට පත්ව සිටින බවත් කාරියවසම් මහතා කීවේය.
පක්ෂයේ ප්‍රබලයෙක් විදියට හිටපු ඉරාන් වික්‍රමරත්න මහත්මයා මේ වන විට ආණ්ඩුවට සම්බන්ධ වෙලා ඉන්නවා. ඒ වගේම මේ දවස්වල මුදල් කමිටුවේ සිදුවන කටයුතු දිහා බැලුවම පොඩි පුරෝකථනයක් කරන්න පුළුවන් ළඟදීම සමගි ජන බලවේගයේ තවත් ප්‍රබලයෙක් ආණ්ඩුවට එකතු වීමේ පෙරනිමිති පහළ කරමින් සිටිනවා. තමන්ගේ අසාර්ථකත්වය මත කට්ටිය එළියට පනින කොට ඒක වෙනත් පාර්ශ්වයන් මත වාරණයන් යොදලා බේරගන්න බැහැ. ඊට තමන් විසින්ම පියවර ගතයුතුයි. එම නිසා විශේෂයෙන්ම විපක්ෂය විසින් සිදුකරන දේශපාලන විවේචන සහ ඔවුන්ගේ අභ්‍යන්තර තීරණ ගැනීමේ ක්‍රියාවලිය පිළිබඳ පවතින ගැටලු හේතුවෙන් තවදුරටත් එහි රැඳී සිටීමට බොහෝ පිරිසක් අකැමැතියි. ඉදිරි දින කිහිපය තුළ මෙම දේශපාලන සංක්‍රමණය සිදුවීමට ඉඩ තිබෙනවා.මෙය සජබය මුහුණ දෙන දැවැන්තම පසුබෑමක් වේවි” යැයිද හෙතෙම කීවේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart