
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ඡායාරූප ශිල්පීන් අටදෙනකුගේ එකතුවකින් යුතු Sequel Collectivel කණ්ඩායමේ ‘Sequel Contemporary Photography Exhibition 2024’ ඡායාරූප ප්රදර්ශනය අගෝස්තු මස 23, 24 හා 25 යන දිනයන්හිදී කොළඹ 07, JDA කලාගාරයේදී උදෑසන 9 සිට රාත්රී 7 දක්වා විවෘතව තිබේ.
තාරක බිබුලෙවිතාරණ, අමිල විජේරත්න, නයනාහාරි අබේනායක, ඉනෝකා පල්ලියගුරු, සමින්ද සදුන් ශ්රී, සුගන්ධි සමරකෝන්, සුජීව රණතුංග හා බූපති නලින් යන ශිල්පීන්ගේ ඡායාරූප 250ක් පමණ කලාගාරයේ මහල් තුනක ප්රදර්ශනය කරනු ලැබේ.
තව ද සමකාලීන ඡායාරූපකරණය පිළිබඳ සංවාදාත්මක සාකච්ඡා ද දිනපතා පැවැත්වෙනු ඇත.
මීට සමාන්තරව එම ප්රදර්ශනයේ ඡායාරූප ඇතුළත් කෘතියක් ද එළිදැක්වේ. ඇතුළුවීම නොමිලේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart