
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
රජයට අයත් ඉඩම්වල සිදුකර ඇති අනවසර ඉදිකිරීම් සම්බන්ධයෙන් එක් එක් සිද්ධිය අනුව විමසා බලා කටයුතු කරන බව ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශය පවසයි.
එවැනි සියලු අනවසර ඉදිකිරීම් සම්බන්ධයෙන් ඒකාකාර ක්‍රියාවලියක් අනුව කටයුතු කළ නොහැකි බව ද එම අමාත්‍යංශය පෙන්වාදෙයි.
The Morning පුවත්පත වෙත අදහස් දක්වමින් ඉඩම් හා වාරිමාර්ග නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය සුසිල් රණසිංහ පවසා ඇත්තේ, රජයට අයත් ඉඩම්වල අනවසර ඉදිකිරීම් පිළිබඳ ගැටළුව අමාත්‍යාංශයට අයත් වුවද එවැනි සියලු ගැටලු සම්බන්ධයෙන් අමාත්‍යංශය හරහා පමණක් තීරණ නොගන්නා බවයි.
එවැනි ගැටලුවලදී ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු මගින් ද කටයුතු සිදුකෙරෙන බව ඔහු පවසා ඇත.
සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල එම කමිටු ක්‍රියාත්මක වන බවත්, ඒවාට අදාළ ප්‍රදේශයේ මහජන නියෝජිතයන්, ප්‍රාදේශීය ලේකම් සහ අනෙකුත් අදාළ රාජ්‍ය නිලධාරීන් ද ඇතුළත් වන බවත් ඔහු පෙන්වාදී ඇත.
එම නිලධාරීන් කටයුතු කරන්නේ අනවසර ඉදිකිරීම් පිළිබඳ ගැටලු සම්බන්ධයෙන් බවත්, යම් ව්‍යුහයක් ඉවත් කළ යුතු යැයි ඔවුන් තීරණය කරන්නේ නම් ඒ සඳහා අවශ්‍ය පියවර ගැනීම අදාළ ප්‍රාදේශීය ලේකම්වරයා සතු බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා පවසයි.
ඉඩමේ ස්වභාවය සහ ඒ අවට සංවර්ධන කටයුතු අනුව අනවසර ඉදිකිරීම් සඳහා ප්‍රතිචාරය තැනින් තැනට වෙනස් විය හැකි බව ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.
රජයේ ඉඩම්වල අනවසර ඉදිකිරීම් සම්බන්ධයෙන් එක් නීතියක් හෝ යාන්ත්‍රණයක් මුළුමනින් ම ක්‍රියාත්මක කිරීම ප්‍රායෝගික නොවන බැවින්, එක් එක් සිද්ධිය ස්ථානය සහ තත්වයන් මත පදනම්ව තක්සේරු කළ යුතු බව ද ඔහු පෙන්වාදී ඇත.
අදාළ ඉඩමේ අයිතිය මත වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව, මහවැලි සංවර්ධන අධිකාරිය, නාගරික සංවර්ධන අධිකාරිය වැනි තවත් රාජ්‍ය ආයතන කිහිපයක් ද අනවසර ඉදිකිරීම් සම්බන්ධයෙන් කටයුතු කරන බව ද ඔහු සඳහන් කර තිබේ.
විශේෂයෙන්ම වනාන්තර, ගංගා සහ මාර්ග ආශ්‍රිතව ශීඝ්‍රයෙන් සංවර්ධනය වන ප්‍රදේශ සහ එම ප්‍රදේශවල රජය සතු ඉඩම්වල අනවසර ඉදිකිරීම් දිනෙන් දින තීව්‍ර වෙමින් පවතින ප්‍රශ්නයක් බවට පත්ව තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart