
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ඉරානය ඊශ්‍රායලය වෙත බැලස්ටික් මිසයිල ප්‍රහාර මාලාවක් දියත්කිරීමත් සමඟ මැදපෙරදිග කලාපය තුළ උද්ගත වී ඇති යුද භීතිය හේතුවෙන් ඊශ්‍රායලයේ රැකියා සඳහා ශ්‍රී ලාංකිකයන් යොමුකිරීම තාවකාලිකව අත්හිටුවා ඇතැයි වාර්තා වේ.
දැනට ශ්‍රී ලාංකිකයෝ 20,000ක් පමණ ඊශ්‍රායලයේ ඉදිකිරීම්, සත්කාරක සහ කෘෂිකාර්මික යන ක්ෂේත්රවල සේවයේ නිරතව සිටිති.
ටෙල්අවිව් හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය දැනටමත් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයට දන්වා ඇත්තේ, මෙම යුදමය තත්වය පහව යන තෙක් ඊශ්‍රායලය වෙත ලාංකික ශ්‍රමිකයන් එරටට යොමුනොකරන ලෙසයි.
කෙසේවෙතත් මෙරට පුද්ගලයන් සියගණනක් මේ වන විටත් ඊශ්‍රායලයට රැකියා සඳහා පිටත්ව යාමට සුදුසුකම් සපුරා ඇත.
එහෙත් ඉරානය සහ ඊශ්‍රායලය අතර ගැටුම් තීව්ර වී මැදපෙරදිග යුද උණුසුම ඉහළ ගියහොත් එම කලාපයේ පවතින රැකියා අවස්ථා මෙරට ශ්‍රමිකයින්ට අහිමිවීම පිළිබඳ බලධාරීහු කණස්සල්ල පළකරති.
ඊශ්‍රායලයේ සේවයේ නිරත ලාංකික සේවකයකුගේ සාමාන්‍යය ඉපැයීම අමෙරිකානු ඩොලර් 1200 – 1500ක් අතර අගයක් ගනී.
මේ අතර ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර ප්‍රකාශ කළේ, ඉරානය ඊයේ රාත්‍රියේ ඊශ්‍රායලයේ ටෙල්අවිව්, හයිෆා සහ ඒ අවට ප්‍රදේශ ඉලක්ක කරගෙන බැලස්ටික් මිසයිල ප්‍රහාර දිගින් දිගටම එල්ල කළ බවයි.
ඒ හමුවේ ගොඩනැගිලි කිහිපයක් ගිනිගෙන ඇති අතර පුද්ගලයෙකු මියගොස් පිරිසක් තුවාල ලබා තිබේ.
දැනට පවතින ආරක්ෂක තත්ත්වය හේතුවෙන් නිවාඩුව සඳහා මෙරටට පැමිණ සිටින එහෙත් යළි ඊශ්‍රායලයට යෑමට නොහැකිව සිටින ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් සඳහා නැවත පැමිණීමේ වීසා බලපත්‍ර දීර්ඝ කිරීමට පහසුකම් සැලසීමට ද තානාපති කාර්යාලය පියවර ගනිමින් සිටින බව වාර්තා වේ.
තානාපති කාර්යාල නිලධාරීන් පවසන්නේ, තත්ත්වය සමීපව නිරීක්ෂණය කරමින් පැය 24 පුරාම රැඳීසිටින බවයි.
ඊශ්‍රායලයේ විපතට පත් හෝ ආධාර අවශ්‍ය සියලුම ශ්‍රී ලාංකික පුරවැසියන් වහාම තානාපති කාර්යාලය අමතන ලෙස ද දැනුවත් කර තිබේ.
තෙල් මිල ඉහළ යෑම සහ අපනයන පහතවැටීම වැනි බාහිර බලපෑම් හමුවේ ආර්ථිකය අතිශයින් අවදානමට ලක්ව ඇති බැවින් මෙම තත්ත්වය පිළිබඳව විමසිල්ලෙන් සිටින බව රජය පවසයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart