August 28, 2023

ත්‍රිකුණාමලය නිලාවේලි පාරේ පිහිටි බොරලුකන්ද රජමහා විහාරයේ ඉදිකිරීම් තහනම් ලෙස නැගෙනහිර ආණ්ඩුකාරවරයා විසින් ත්‍රීකුණාමලය ප්‍රාදේශීය ලේකම්වරයාට කරන ලද නියෝගය වහා හකුළාගන්නා ලෙස ඉල්ලීමට ත්‍රිරීකුණාමලය ගෝකණ්න පුර සුරකීමේ සංවිධානය අද ත්‍රීකුණාමලය දිස්ත්‍රික් ලේකම්වරයා හමුවීමට පැමිණි අවස්ථාවේ එම ස්ථානයේ උණුසුම්කාරි තත්වයක් උද්ගත විය.

ඒ භික්ෂූන් වහන්සේලා ඇතුළු පිරිසට ත්‍රිරීකුණාමලය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට ඇතුළුවීම වළක්වමින් ගේට්ටුව වසාදැමීම හේතුවෙනි.

පසුව භික්ෂූන් වහන්සේලා ඇතුළු පිරිස ත්‍රීකුණාමලය මහනුවර ප්‍රධාන මාර්ගය අවහිර කරමින් විරෝධතාවේ නිරතවූහ.

මෙම හේතුව මත ත්‍රිරීකුණාමලය මහනුවර මාර්ගයේ ගමනාගමන කටයුතුවලට බාධා පැමිණි තිබේ.

පසුව මෙම ගැටලුව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට භික්ෂූන් වහන්සේලා පිරිසකට ආරාධනා ලැබුණු අතර,එම සාකච්ඡාව සදහා ආණ්ඩුකාරවරයා සහ ත්‍රීකුණාමලය ප්‍රාදේශීය ලේකම්වරයා ද සහභාගි කරගැනීමට දිස්ත්‍රික් ලේකම්වරයා කටයුතු කර ඇත.

දිසාපතිවරයා සමඟ සාකච්ඡාවක් සඳහා ස්වාමීන් වහන්සේලා පස් නමකට දිසාපති කාර්යාලය ඇතුළට යෑමට අවසර ලැබුණු අතර ස්වාමීන් වහන්සේලා පවසා සිටියේ මේ පිළිබඳව ආණ්ඩුකාරවරයා සහ මතභේදයට තුඩුදී ඇති ප්‍රාදේශීය ලේකම්වරයා ද එම ස්ථානයට කැඳවිය යුතු බවය.

ඊට පසු එම පිරිස ද සමග පාර්ලිමේන්තු මන්ත්‍රී කපිල නුවන් අතුකෝරාළ ද මෙම ස්ථානයට පැමිණි අතර එහිදී ගැටලුකාරී තත්ත්වයක් මතුව තිබේ.

පැය හතරකට ආසන්න කාලයක් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ රැඳීසිටීමෙන් අනතුරුව ඉදිකිරීම් තහනම ඉවත් කරන ලද ලිපියක් ස්වාමීන්වහන්සේලාට ලැබීමෙන් අනතුරුව එතෙක් වේලා ්‍රධාන මාර්ගය වසා තැබූ ප්‍රදේශවාසීන් සහ ස්වාමීන් වහන්සේලා ඉවත්ව තිබේ.