
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
කාන්තා ආසියානු කුසලාන 2024 තරගාවලියේ අවසන් පූර්ව වටයේ තරග පෙළගැස්ම ප්‍රකාශයට පත්කර තිබේ.
ඒ අනුව අවසන් කණ්ඩායම් හතර අතරට ‘A ’ කාණ්ඩයෙන් ඉන්දියාව සහ පාකිස්ථානය තේරී පත්ව සිටින අතර B කාණ්ඩයෙන් ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා සිටී.
ඉන්දියාව සහභාගී වූ තරග තුනම ජයග්‍රහණය කරමින් පළමු අදියර අවසන් කළේ පළමු ස්ථානයේ පසුවෙමිනි.
පාකිස්ථානය ඔවුන් සහභාගී වූ තරඟ තුනෙන් දෙකක් ජයගත් අතර, ඉන්දියාවට එරෙහි තරඟය පරාජයට පත්වී තිබිණි.
ශ්‍රී ලංකාව ද සහභාගි වූ තරග තුනම ජයගත් අතර බංගලාදේශය තරග තුනකින් දෙකක් ජය ගැනීමට සමත්විය.
ඒ අනුව මෙම කණ්ඩායම් හතර අවසන් පූර්ව වටයේ තරගවලට හෙට සහභාගී වනු ඇත.
පළමු අර්ධ අවසන් තරගය පස්වරු 1.30ට රංගිරි දඹුල්ල අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන්නේ බංග්ලාදේශය සහ ඉන්දියාව අතරයි.
දෙවැනි අර්ධ අවසන් තරගය එදිනම එම ක්‍රීඩාංගණයේ දී සවස 6:30ට පැවැත්වෙන්නේ ශ්‍රී ලංකාව සහ පාකිස්ථානය අතරයි.
අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගන්නා කණ්ඩායම් දෙක ජූලි 28 වැනිදා 2024 කාන්තා ආසියානු කුසලානය සඳහා තරග වදිනු ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart