
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
චීන රජයේ පරිත්‍යාගය මත ”සීතාවක සිසු අරුණලු” යන නමින් පාසල් උපකරණ බෙදාදීමේ වැඩසටහනක් අගමැතිවරයා ප්‍රමුඛ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු මන්ත්‍රීවරුන් පිරිසක් විසින් හෝමාගම ප්‍රදේශයේ පාසල් කිහිපයක පවත්වා ඇති අතර, මෙම ක්‍රියාවට මුවාවී දේශපාලනඥයන්ගේ ප්‍රතිරූප ගොඩනැගීමට මෙන්ම එකී පක්ෂය ප්‍රවර්ධනය කිරීමට ගනු ලබන පිළිකුත් සහගත ක්‍රියාව හෙළා දකින බව ලංකා ගුරු සේවා සංගමය සඳහන් කරයි.
මේ වනවිට මෙරට පළාත් පාලන මැතිවරණය සම්බන්ධව ප්‍රකාශිතව පවතින කාලසීමාවක පාසල් තුළ මෙවැනි දේශපාලන ප්‍රවර්ධන කටයුතු කිරීම මැතිවරණ නීති උල්ලංඝනය කිරීමක් බව සඳහන් කරමින් ලංකා ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ අධ්‍යාපන අමාත්‍යංශ ඇතුළු ආයතන පහකට ලිපියක් යොමුකරමින් සඳහන් කර ඇත.
මැතිවරණ අපේක්ෂකයන් ලෙස පෙනී සිටීමට නියමිත ගුරුවරුන් මැතිවරණ නීති උල්ලංඝනය වේයැයි සළකා පාසල්වලින් ද ස්ථාන මාරු කර තිබෙන මොහොතක, ආණ්ඩුවේ සහ ආණ්ඩුවට සම්බන්ධ දේශපාලනඥයන්ට එම නීති උල්ලංඝනය කිරීමට ඉඩසලසා තිබෙන්නේ කවර නීතියක් යටතේද යන්න පිළිබඳව ද ලංකා ගුරු සේවා සංගමය ප්‍රශ්න කර තිබේ.
තම දේශපාලන කටයුතු ප්‍රවර්ධනය කිරීමට ක්‍රියාකරන මෙකී දේශපාලනඥයන්ටද ඊට අනුග්‍රහය දක්වන කලාප අධ්‍යාපන බලධාරීන්ටද එරෙහිව ක්‍රියාමාර්ග ගන්න ලෙසත්, මෙම ක්‍රියා නැවත්වීමට කටයුතු කරන ලෙසත්, අදාළ බලධාරීන්ගෙන් ලංකා ගුරු සේවා සංගමය ඉල්ලා ඇත.
එමෙන්ම එකී පාසල් උපකරණ බෙදාදීම මැතිවරණ නීතියට යටත්ව පාසල් සහ අධ්‍යාපන බලධාරීන්ගේ සහභාගීත්වයෙන් පමණක් සිදු කිරීමට අවශ්‍ය උපදෙස් ලබාදීම මෙන්ම මැදිහත්වීම සිදු කරන ලෙසට ද ලංකා ගුරු සේවා සංගමය වැඩිදුරටත් ඉල්ලා තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart