
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනිව ජනාධිපති ධුරය ලබාගන්නා ලෙසට ඇතැම් දේශපාලනඥයන් තමන්ට බලපෑම් කළ ආකාරය ඇතුළු අරගලය පිළිබඳ අභ්‍යන්තර තොරතුරු එළඹෙන බදාදා දිනයේ හෙළිකිරීමට කථානායක මහින්ද යාපා අබේවර්ධන තීරණය කර තිබේ.
ඔහුට එරෙහි විශ්වාසභංග යෝජනාව හෙට සහ අනිද්දා දෙදින විවාදයට ගැනීමට නියමිතය.
විශ්වාසභංග යෝජනාව පිළිබඳ ඡන්ද විමසීමෙන් පසු පාර්ලිමේන්තුවේ විශේෂ ප්‍රකාශයක් කරමින් මෙම කරුණු සහ තවත් මෑතකාලීන සිදුවීම් කිහිපයක් කථානායකවරයා විසි හෙළි කරනු ඇති බව කථානායක මාධ්‍ය ලේකම් ඉඳුනිල් යාපා අබේවර්ධන පැවසීය.
ස්ථාවර නියෝග අනුව විවාදයට සහභාගි විය නොහැකි බැවින් විශේෂ ප්‍රකාශයක් කිරීමට තීරණය කර ඇති බව ඔහු ප්‍රකාශ කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart