
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
රෝහිණී කුමාරි විජේරත්න මන්ත්‍රීවරියගේ ප්‍රධානත්වයෙන් යුත් ළමා කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු කමිටුව විසින්, නව මාධ්‍ය පාදක සන්නිවේදන ක්‍රම හරහා (Online) ප්‍රජනක සෞඛ්‍ය සහ ලිංගික අධ්‍යාපනය පිළිබඳව පාසල් සිසුන් දැනුවත් කිරීමේ වැඩසටහනක් ඔක්තෝබර් මාසයේ සිට නිල වශයෙන් ආරම්භ කිරීමට සූදානම් වන බව වාර්තා වේ.
සමාජයේ විවිධ කාණ්ඩ සහ කණ්ඩායම් සඳහා වඩා හොඳ අවබෝධයක් ලබාදීම සඳහා ප්‍රජනක සෞඛ්‍ය සහ ලිංගික අධ්‍යාපනයට අදාළ අන්තර්ගතයන් නිර්මාණය කිරීමේ අවශ්‍යතාවය පිළිබඳව ද පසුගියදා පාර්ලිමේන්තුවේදී රැස්වූ කමිටුව සාකච්ඡා කර ඇත.
සිසුන්ට තම ගැටළු අප්රසිද්ධව ඉදිරිපත් කළ හැකි පාසල්වල පැමිණිලි පෙට්ටිය නැවත හඳුන්වාදීම සහ 1929 ක්ෂණික ඇමතුම් සේවාව පිළිබඳව දරුවන් දැනුවත් කිරීම පිළිබඳව ද කමිටුව මෙහිදී සොයා බලා ඇත.
සයිබර් ආරක්ෂණ පනත් කෙටුම්පත කෙටුම්පත් අදියරේ පවතින බව මෙහිදී සාකච්ඡා කෙරුණු අතර, ළමා අසභ්‍ය වෙබ් අඩවි, ෆේස්බුක් පිටු සහ වෙනත් සමාජ මාධ්‍ය වේදිකාවල ළමයින්ට එරෙහිව හිරිහැරකාරී අදහස් පළකිරීම සම්බන්ධයෙන්ද අවධානය යොමුකර තිබේ.
එපමණක් නොව, ළමුන්ට අදාළ සිද්ධීන් සම්බන්ධයෙන් බොහෝ ජනමාධ්‍ය සදාචාර විරෝධී සහ අසංවේදී ලෙස වාර්තා කිරීම නිසා නිසි මාධ්‍ය ප්රතිපත්තියක අවශ්‍යතාවද මෙහිදී ඉස්මතු වී තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart