
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
සොරකම්වලට හුරුවූ අවුරුදු 15ක පාසල් දරුවකු ගලහ පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ.
ඔහු අඩංගුවට පත්වන විට රන් භාණ්ඩ, ජංගම දුරකථන ඇතුළු රුපියල් ලක්ෂ දහයක පමණ සොරාගත් භාණ්ඩ සන්තකයේ තබාගෙන සිට ඇත.
මොහු ගලහා නගරයේ නිවෙස් හා වෙළඳසල්වලින් රුපියල් ලක්ෂ අටකට ආසන්න රන් තාලියක්, පෙන්ඩන, මාල, දුරකථන, පාපැදි, විද්‍යුත් උපකරණ හා මුදල් කැට සොරාගෙන තිබූ බව පොලිසිය කියයි.
මෙම දරුවා සොරාගන්නා ලද රන් භාණ්ඩ, ජංගම දුරකථන ආදිය තම බෑගයේම තබාගෙන පාසලට ගොස් ඇත.
පොලිසිය සානුකම්පිත වාර්තාවක් සමඟ මෙම දරුවා අධිකරණයට ඉදිරිපත් කර තිබෙන අතර මව නොමැති නිසා බාප්පාට මෙම දරුවා යළි භාරනොදෙන ලෙසට පොලිසිය අධිකරණයෙන් ඉල්ලා තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart