
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පෞද්ගලික සමාගමක්(GBS Technology Services & IVS Global- FZCO, VFS VF Worldwide Holdings LTD) විසින් මෙහෙයවීමට නියමිත අන්තර්ජාල වීසා අයැදුම් කිරීමේ ක්‍රියාවලියට අනුමැතිය ලබාදීමට ගත් කැබිනට් තීරණය ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු නියෝගයක් නිකුත් කර ඇත.
ඊට එරෙහිව පෙත්සම්වලට විසඳුම් ලැබෙන තුරු මෙම අත්හිටුවීම බලපැවැත්වේ.
ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයින් සඳහා වීසා බලපත්‍ර නිකුත් කිරීමේ ඉලෙක්ට්‍රොනික ගමන් බලපත්‍ර (ETA) ක්‍රමය හැසිරවීම සඳහා පුද්ගලික ආයතන මිලදී ගැනීමේදී නිලධාරීන් විසින් ක්‍රියා පටිපාටි උල්ලංඝනය කිරීම් සහ මහජන විශ්වාසය අනිසි ලෙස භාවිත කිරීමට එරෙහිව පියවර ගන්නා ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සම් කිහිපයක් ඉදිරිපත් විය.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ඒම්.ඒ.සුමන්තිරන්, රවුෆ් හකීම් සහ පාටලී චම්පික රණවක ඇතුළු පිරිසක් ඉදිරිපත් කළ මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගයට ගැනීමට අවසර දෙමින් ශ්‍රේෂ්ඨාධිකරණය මෙම නියෝගය නිකුත් කළේය.
පෙත්සමේ වගඋත්තරකරුවන් අතර මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍යවරයා, ආගමන පාලක ජනරාල්වරයා, ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය, GBS Technology Services & IVS Global- FZCO, VFS VF Worldwide Holdings LTD ආයතනය, ශ්‍රී ලංකා අමාත්‍ය මණ්ඩලය සහ නීතිපතිවරයා ද වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart