
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මඟතොට වෙසෙන (අනාථ) සුනඛයන්ට ආහාර ලබාදීම දිගටම කරගෙන යන ලෙසත්, ඒ අතරම ඔවුන්ගේ සෞඛ්‍යය සහ සුභසාධනය පිළිබඳවද වගකීමක් ගන්නා ලෙසත් සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය සංජික පෙරේරා මහජනතාවගෙන් ඉල්ලා සිටියි.
මෑතකදී තමන් විසින් සිදුකරන ලද ප්‍රකාශ කිහිපයක් වැරදියට වටහාගෙන ඇති බව පැහැදිලි කරමින් වෛද්‍ය සංජික පෙරේරා පවසන්නේ, තමන් කිසිවිටෙකත් මඟතොට වෙසෙන සුනඛයන්ට ආහාර දීම නතර කරන ලෙස ජනතාවගෙන් ඉල්ලා නොමැති බවයි.
“මඟතොට ඉන්න සුනඛයන්ට ආහාර දීම ඉතාමත් කරුණාවන්ත සහ මානුෂීය ක්‍රියාවක්. නමුත් ඔවුන්ට ආහාර දීම පමණක්ම ප්‍රමාණවත් වෙන්නේ නැහැ,” යැයි ඔහු පැවසීය.
නිතිපතා මෙවැනි සුනඛයන් රැකබලා ගන්නා පුද්ගලයන්, එම සතුන්ව ජලභීතිකා රෝගයට එරෙහිව එන්නත් කිරීම, වන්ධ්‍යාකරණයට (සැත්කම්වලට) ලක්කිරීම සහ ඔවුන්ට නිසි වෛද්‍ය ප්‍රතිකාර ලබාදීම සහතික කිරීමටද පියවර ගත යුතු බව ඔහු සඳහන් කළේය.
වෛද්‍ය සංජික පෙරේරා පෙන්වාදෙන්නේ මඟතොට වෙසෙන සුනඛයන් පිළිබඳ ගැටලුව විසඳීමට නම් කරුණාව මෙන්ම වගකීමද අත්‍යවශ්‍ය වන බවයි.
මඟතොට වෙසෙන සතුන් රැකබලා ගන්නා අතරම, එන්නත්කරණ සහ වන්ධ්‍යාකරණ වැඩසටහන් සඳහා සහයෝගය දක්වමින් ජලභීතිකා රෝගය තුරන් කිරීමට දායක වන ලෙස ඔහු මහජනතාවගෙන් ඉල්ලා සිටියේය.
“ශ්‍රී ලංකාවෙන් ජලභීතිකා රෝගය තුරන් කිරීමට නම් සෑම පුරවැසියෙකුගේම සහයෝගය අවශ්‍යයි” යැයි ඔහු පවසයි.
මෙම ගැටලුවේ බරපතලකම පෙන්වා දෙමින් වෛද්‍ය සංජික පෙරේරා මහතා ප්‍රකාශ කරන්නේ, සෑම වසරකම සුනඛයන් සපා කෑම හේතුවෙන් 250,000 කට අධික පිරිසක් රෝහල්වලින් ප්‍රතිකාර ගන්නා බවත්, ඒ සඳහා රජයට වාර්ෂිකව රුපියල් බිලියනයකට වඩා වැඩි මුදලක් වැය වන බවත්ය. එමෙන්ම පසුගිය වසරේදී ජලභීතිකා රෝගය වැළඳීමෙන් පුද්ගලයන් 14 දෙනෙකු මියගොස් ඇති බවද ඔහු පැවසීය.
රිය අනතුරුවලින් 30% කට පමණ මඟතොට වෙසෙන සුනඛයන් සම්බන්ධ වී ඇති බවත්, එමඟින් මෙම ගැටලුව බරපතල මහජන ආරක්ෂාව පිළිබඳ මෙන්ම ආර්ථිකමය ගැටලුවක් බවට පත්ව ඇති බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
“මෙවැනි සතුන් රැකබලා ගැනීමට කැමති අයට සහයෝගය දැක්වීම සඳහාත්, වඩාත් කරුණාවන්ත සමාජයක් ගොඩනැගීමටත් අපි ජාතික සුනඛ ගහණ කළමනාකරණ ක්‍රියාකාරී සැලැස්මක් (සකස් කරමින් සිටිනවා” යැයි වෛද්‍ය සංජික පෙරේරා වැඩිදුරටත් සඳහන් කරයි.(Daily Mirror)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart