
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
හිටපු ජනපතිවරුන්ගේ වරප්‍රසාද ඉවත්කිරීමට එරෙහිව අධිකරණයට නොයන බවට හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ එක්සත් ජාතික පක්ෂයට දැනුම්දී ඇතැයි වාර්තා වෙයි.
වරප්‍රසාද ආරක්ෂා කර දෙන්නැයි ඉල්ලා අධිකරණවලට යෑමේ අවශ්‍යතාවක් තමාට නොමැති බවත්, හිටපු ජනාධිපතිවරුන් අධිකරණය හමුවට ගියහොත් තමා ඊට සහාය නොදෙන බවත් රනිල් වික්‍රමසිංහ පවසා ඇතැයි වාර්තා සඳහන් කරයි.
වරප්‍රසාද අහිමි කිරීම සම්බන්ධයෙන් නඩු පවරන්නේ නම් පරස්පර විරෝධී කරුණු ඉදිරිපත් නොකර අධිකරණ ක්‍රියාවලියට අනුව එය සිදුකරන ලෙසට හිටපු ජනපතිවරුන්ට නීති උපදෙස් ලැබී ඇතැයිද හෙතෙම සඳහන් කර ඇතැයි පැවැසේ.
හිටපු ජනාධිපතිවරුන් කිසිවකු වරප්‍රසාද අඩුකිරීමට එරෙහිව කණ්ඩායමක් වශයෙන් මේ දක්වා සාකච්ඡා කර නැතැයිද රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කර තිබෙන බව වාර්තා පවසයි.
හිටපු ජනාධිපතිවරුන් දෙදෙනකු සමඟ අවස්ථා දෙකකදී හැරෙන්න කල්ලි ගැසී සංවිධානය වී වරප්‍රසාද පනත සම්බන්ධයෙන් සාකච්ඡා නොකළ බවද හෙතෙම කියා ඇත.
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන එක් අවස්ථාවකදී තමා සමඟ මේ සම්බන්ධයෙන් කතා කළ බවත්, තවත් අවස්ථාවකදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ විවාහ මංගල්‍ය උත්සවයකදී හමු වී ජනපතිවරුන්ගේ වරප්‍රසාද පිළිබඳව අදහස් ඉදිරිපත් කළ බවත් ඔහු පවසා තිබේ.
කෙසේවෙතත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පමණක්, සිය වරප්‍රසාද ආරක්ෂා කරගැනීම වෙනුවෙන් සිය පක්ෂයේ නිලධාරියකු ලවා ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ගොනුකර ඇත.
නීති ක්ෂේත්රයේ ප්‍රවීනයන් පෙන්වාදෙන්නේ, හිටපු ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද ඉවත්කිරීමට ආණ්ඩුව සම්පාදනය කර ඇති පනත් කෙටුම්පත ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ලක්කිරීම අසාර්ථක උත්සාහයක් බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart