March 6, 2024

සෞදි අරාබි රාජධානියේ සල්මාන් රජුගේ මානුෂීය ආධාර සහ සහන මධ්‍යස්ථානය විසින් ශ්‍රී ලංකාවට ටොන් 50 ක රටඉඳි තොගයක් පරිත්‍යාග කර තිබේ.

සෞදි අරාබියේ ශ්‍රී ලංකාවේ තානාපති කාර්යාලයට අනුව, මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තු මූලස්ථානයේ අද පැවති උත්සවයකදී තානාපති Khalid Hamoud Al-Kahtani විසින් මෙම රටඉඳි තොගය ශ්‍රී ලංකා බලධාරීන් වෙත අද නිල වශයෙන් භාරදී ඇත.

බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් සෝමරත්න විතානපතිරණට සහ එම අමාත්‍යාංශය යටතේ ඇති මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ Zain Al-Abidin Faisal වෙත මෙම තොගය භාරදීම සිදුකෙරිණි.

සෞදි තානාපති කාර්යාලය පවසන්නේ, සහෝදර සහ මිත්‍ර රටවල් කිහිපයක විවිධ ප්‍රදේශවල සිටින අසරණ පවුල් වෙත මෙම පරිත්‍යාගය බෙදාහැරීමට නියමිත බවයි.