
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
කාමරයක බැඳ තිබූ තොටිල්ලක ගෙල සිරවීමෙන් කුඩා දරුවෙක් මියගොස් තිබේ.
මෙලෙස මියගොස් ඇත්තේ නාවලපිටිය මොන්ටික්රිස්ටෝ වත්ත ප්රදේශයේ නිවසක වාසය කළ 09 හැවිරිදි දරුවෙකි.
සාරියකින් බැඳ තිබු තොටිල්ලක ගෙළ සිරවී දරුවා ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිසිය පවසයි.
නිවසේ සිටින තවත් කුඩා දරුවකු වෙනුවෙන් බැඳ තිබූ තොටිල්ලක නැඟ සෙල්ලම් කරමින් සිටිය දී ඔහු මෙම අනතුරට ලක්ව ඇත්තේ ඊයේ(27) දහවල් කාලයේදිය.
මේ අතර වාකරේ කැලෑ ප්රදේශයකදී බඳින තුවක්කුවක් පත්තු වීමෙන් 14 හැවිරිදි පිරිමි දරුවකු මියගොස් තිබේ.
තම වැඩිමහල් සහෝදරයා හා වැඩිමහල් සහෝදරියන්ගේ ස්වාමිපුරුෂයන් දෙදෙනා සමග සතුන් දඩයම් කිරිම සඳහා ගිය අවස්ථාවේදී ඔහු මෙම අනතුරට ලක්ව ඇති බව පොලිසිය පවසයි.
සිද්ධිය සම්බන්ධයෙන් 24,28 හා 32 හැරිදි එම දරුවාගේ ඥාතීන් තුන්දෙනා අත්අඩංගුවට ගෙන ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart