
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මීළඟ ජනාධිපතිවරණයේදී තමන් අපේක්ෂකයෙක් වන්නේ දැයි නිතරම අසමින් තමා අපහසුතාවයට පත් නොකරන ලෙස සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මාධ්‍යවේදීන්ගෙන් ඉල්ලා සිටියි.
සමගි ජනබලවේගය තමන්ට වරමක් ලබා දුන් බවත්, කිසිවිටෙකත් තම පක්ෂය පවා නොදෙන බවත්, මන්ත්‍රීවරයා සඳහන් කරයි.
මෙහිදී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේක මහතා මෙසේද සඳහන් කර තිබේ.
”මෙතන ඉන්න ඕන කෙනෙක්ගෙන් ඇහුවොත් ජනාධිපතිවරයා වෙන්න කැමතියි කියයි. ඒ නිසා ඒ ප්රශ්නය මගෙන් අහල මාව අපහසුතාවයට පත් කරන්න එපා. ඒ වගේම සජබය මට වරමක් දුන්නා. ඒ නිසා සජබය පාවා දෙන්න මම සුදානම් නෑ.”
”රටේ ආරක්ෂාවට අර ඇමැති මේ ඇමැති ඉන්නවා කියනවා මේ ආණ්ඩුව ලොකු ලොකු පම්පෝරි ගහනවා. නමුත් රටේ තත්ත්වය ඉතා අසතුටුදායකයි. පාතාලය නිතිපතා අතන මෙතන වෙඩි තියනවා. රට පුරා මත්ද්‍රව්‍ය උවදුර තදින්ම තියෙනවා.”
”රජය අකර්මන්‍ය වෙලා කතාව විතරයි වැඩ නෑ. රට පාලනයකින් තොරව ඉතාම නරක අයුරින් තමයි ඉදිරියට යන්නේ.”
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart