
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
නීතිවිරෝධි අයුරින් විකිණීමට උත්සාහ කළ කාකනිල් මැණික් 2ක් (Sapphire Blue Stone) කොස්ලන්ද ප්‍රදේශයේ සිදු කළ වැටළීමකදී අත්අඩංගුවට ගෙන ඇත.
යුධ හමුදාව සහ කොස්ලන්ද පොලිසිය ඒකාබද්ධව සිදු කළ වැටළීමකදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ.
මෙහිදී අත්අඩංගුවට ගෙන ඇති මැණික් ගල් රුපියල් කෝටි 37කට අලෙවි කිරීමට සූදානම් කර ඇති අතර, වැටළීමේදී මෙම සිදුවීමට සම්බන්ධව වැලිවේරිය ප්‍රදේශයේ භික්ෂුවක් ඇතුළුව සැකකරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් වයස අවුරුදු 72ක සැකකරුවකු ප්‍රසිද්ධ දේශපාලන පක්‍ෂයක ප්‍රාදේශිය දේශපාලඥයෙකුගේ පියෙකු බවට වැඩි දුරටත් අනාවරණය වී තිබේ.
අත්අඩංගුවට ගත් මැණික් චෛත්‍යක හැඩයකින් යුත් බවට පෙනීයන අතර, ඒවා නිධන් වස්තු විනාශ කිරීම මගින් ලබා ගෙන ඇති බවට සැක පළකෙරේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් සහ භාණ්ඩ පිළිබද ඉදිරි විමර්ශන කටයුතු කොස්ලන්ද පොලිසිය සිදුකරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart