
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
නැගෙනහිර නාවික විධානයේ නාවික හමුදා සාමාජිකයන් වෙනුවෙන්, අත්දැකීම් පාදක දේශනයක් හා වැඩමුළුවක් ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක, කුමාර් සංගක්කාරගේ ප්‍රධානත්වයෙන් 2026 අගෝස්තු මස 23 වැනි දින ත්‍රිකුණාමලය නාවික හා සාගරික විද්‍යාපීඨයේදී පැවැත්වුණු අතර, එම අවස්ථාව සඳහා නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු සහභාගි විය.
මෙම අත්දැකීම් පාදක දේශනය හා වැඩමුළුව තුළදී නාවික හමුදා සාමාජිකයන්ගේ නාවික හා සිවිල් ජීවිතයේ අපේක්ෂිත අරමුණු වෙත ළඟාවීම සඳහා අවශ්‍ය වටිනා අදහස්, කුමාර් සංගක්කාර විසින් ස්වකීය ජීවිතයේ අත්දැකීම් අනුසාරයෙන් නාවික හමුදා පුද්ගලයන් වෙත ගෙනහැර දක්වමින් සාකච්ඡා කෙරුණු අතර, නාවික හමුදා සාමාජිකයන් සමඟ අදහස් හුවමාරු කරගනිමින් වැඩමුළුව සාර්ථකව සිදුකෙරිණි.
එසේම, මීට සමගාමීව ත්‍රිකුණාමලය නාවික හා සාගරික විද්‍යාපීඨයේ පැවැති ක්‍රිකට් තරඟාවලියක් නිරීක්ෂණය සඳහාද කුමාර් සංගක්කාර සහභාගි විය.
නාවික හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානි හා නැගෙනහිර නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් බුද්ධික ලියනගමගේ ඇතුළු නැගෙනහිර නාවික විධානයට අයත් නෞකා සහ ආයතනයන්හි ජ්‍යෙෂ්ඨ හා කණිෂ්ඨ නිලධාරීන්, නාවික හා සාගරික විද්‍යාපීඨයේ පුහුණුවන නිලධාරීන් සහ ජ්‍යෙෂ්ඨ හා කණිෂ්ඨ නාවිකයන් පිරිසක් මෙම අත්දැකීම් පාදක දේශනය හා වැඩමුළුව සඳහා එක්වූ අතර, එම අවස්ථාව සනිටුහන් කරමින් කුමාර් සංගක්කාර වෙත සමරු තිළිණයක් පිරිනැමීමද එහිදී සිදුවිය.

Adding {{itemName}} to cart
Added {{itemName}} to cart