September 17, 2025

පවුල් දෙකක සාමා­ජි­ක­යන් අට­දෙ­නකු ගමන් ගත් වෑන් රථ­යක් දක්ෂිණ අධි­වේගී මාර්ගයේ දී ඊයේ (16) පෙර­ව­රුවේ ලොරි­යක ගැටී­මෙන් තරු­ණි­යක මිය­ගොස් කුඩා දරු­වන් ඇතුළු හත් දෙනකු තුවාල ලබා රෝහල් ගතකර තිබේ.

මිය­ගොස් ඇත්තේ ඕපාත වීර­තොට මල්දූ­ව­ගෙ­දර, ඉද්ද­කැ­ටිය ප්‍රදේ­ශයේ පදිං­චිව සිටි පුෂ්ප­කු­මාරි සඳ­මාලි නමැති 35 හැවි­රිදි ව්‍යාපා­රික කාන්තාවකි. තුවාල ලැබු­වන් අතර කුඩා දැරි­යන් දෙදෙ­නකු සහ දරු­වකු සිටින බව පොලී­සිය සඳ­හන් කරයි.

ඊශ්‍රා­යල් රටේ රැකි­යාව කළ පුද්ග­ල­යකු මෙරට පැමි­ණීම නිමි­ත්තෙන් ඔහුව රැගෙන ඒම සඳහා කටු­නා­යක ගුවන් තෙටු­පො­ළට යාමට තව­ලම සිට කොළඹ දෙසට යමින් සිටි­යදී ගැල­නි­ගම සහ කහ­තු­ඩුව අන්තර් හුව­මාරු මධ්‍ය­ස්ථා­නය අතර කිලෝ­මී­ටර් 9 දශම 6 මොර­ග­හ­හේන වීදි­ය­ගොඩ ප්‍රදේ­ශයේ දී පිරිස රැඟත් වෑන් රථය මෙසේ අන­තු­රුට පත්ව ඇතැයි මේ සම්බන්ධයෙන් ගෙනෙන ‘දිනමිණ’ වාර්තාවේ සඳහන් වෙයි.

සුපිරි වෙළ­ඳ­ස­ල්ව­ලට භාණ්ඩ බෙදා යළි කොළඹ බලා ඉදි­රි­යෙන් ධාව­නය වූ අධි­ශී­ත­ක­රණ ලොරි­යක පිටු­පස ගැටී­මෙන් මෙම අන­තුර වී තිබූ බව පොලි­සිය කියයි.

අන­තුර වන අව­ස්ථා­වේදී එම වෑන් රථයේ ඉදි­රි­පස වම් පස අසුනේ මිය­ගිය තරු­ණිය අසුන්ගෙන සිට ඇතැයි පොලිස් විම­ර්ශ­න­ව­ලදී අනා­ව­ර­ණය වී ඇත.

ව්‍යාපා­රික ක්ෂේත්‍රයේ රැකි­යාව කරන ඔවුන් එළ­ඹෙන දෙසැ­ම්බර් මස විවාහ ගිවිස ගැනී­මට කට­යුතු සූදා­නම් කර තිබී ඇතැයි පොලි­සිය කියයි.

සිදු වූ අන­තු­රත් සම­ඟම තුවාල ලැබූ­වන් වෑන් රථයේ සිරවී සිට ඇති අතර පොලිස් විශේෂ කාර්ය බළකා ගිනි නිවීමේ සහ ජීවිත ගලවා ගැනීමේ නිල­ධා­රීන් සහ රථ වාහන පොලිස් නිල­ධා­රීන් කඩි­න­මින් එම ස්ථාන­යට ළඟා වන විටත් මාර්ගයේ ගමන් ගන්නා වාහ­න­වල සිටි පිරිස් විසින් අන­තු­රට පත් වෑන් රථය තුළ සිරව සිටි තුවා­ල­ක­රු­වන් පිට­තට ගෙන එයින් කුඩා දරු තිදෙනා රෝහල්ගත කිරී­මට පිය­වර ගෙන තිබිණි.

තුවා­ල­ක­රු­වන් කහ­තු­ඩුව වෑතර දිසා රෝහල වෙතත් හෝමා­ගම මූලික රෝහල වෙතත් යොමු කිරී­මෙන් අන­තු­රුව කුඩා දරු තිදෙනා වැඩි­දුර ප්‍රති­කාර සඳහා කළු­බෝ­විල ශික්ෂණ රෝහල වෙත යොමු කර ඇතැයි රෝහල් ප්‍රකා­ශ­ක­යකු පැවැ­සීය.

හෝමා­ගම මූලික රෝහල වෙත ඇතු­ළත් කළ වැඩි­හිටි පිරිමි පුද්ග­ල­යන් දෙදෙනා සහ කාන්තා­වන් දෙදෙ­නා­ගෙන් කාන්තා­වක් මිය­ගිය අතර අනෙක් කාන්තාව දැඩි­ස­ත්කාර ඒක­කයේ ප්‍රති­කාර ලබන බවත් පොලි­සිය සඳ­හන් කරයි.

ඊශ්‍රා­යල රටේ සිට මෙර­ටට පැමි­ණී­මට නිය­මි­තව ඇත්තේ එම කාන්තා­වගේ සැමියා බවත් තුවාල ලබා ඇත්තේද එම යුව­ළගේ දරු තිදෙනා බවත් පොලි­සිය කියයි.

රිය­දු­රුගේ අධික වේග­යත් නින්ද යාමත් හේතු­වෙන් අන­තුර සිදු­ව­න්නට ඇතැයි පොලි­සිය සැක කරයි.

මෙම අන­තු­රින් වෑන් රථ­යට දැඩි ලෙස හානි සිදුව තිබූ අතර ලොරි රථයේ පිටු­පස පිට­තට සුළු හානි සිදුව තිබූ බව පොලි­සිය සඳ­හන් කරයි.