
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පවුල් දෙකක සාමාජිකයන් අටදෙනකු ගමන් ගත් වෑන් රථයක් දක්ෂිණ අධිවේගී මාර්ගයේ දී ඊයේ (16) පෙරවරුවේ ලොරියක ගැටීමෙන් තරුණියක මියගොස් කුඩා දරුවන් ඇතුළු හත් දෙනකු තුවාල ලබා රෝහල් ගතකර තිබේ.
මියගොස් ඇත්තේ ඕපාත වීරතොට මල්දූවගෙදර, ඉද්දකැටිය ප්‍රදේශයේ පදිංචිව සිටි පුෂ්පකුමාරි සඳමාලි නමැති 35 හැවිරිදි ව්‍යාපාරික කාන්තාවකි. තුවාල ලැබුවන් අතර කුඩා දැරියන් දෙදෙනකු සහ දරුවකු සිටින බව පොලීසිය සඳහන් කරයි.
ඊශ්‍රායල් රටේ රැකියාව කළ පුද්ගලයකු මෙරට පැමිණීම නිමිත්තෙන් ඔහුව රැගෙන ඒම සඳහා කටුනායක ගුවන් තෙටුපොළට යාමට තවලම සිට කොළඹ දෙසට යමින් සිටියදී ගැලනිගම සහ කහතුඩුව අන්තර් හුවමාරු මධ්‍යස්ථානය අතර කිලෝමීටර් 9 දශම 6 මොරගහහේන වීදියගොඩ ප්‍රදේශයේ දී පිරිස රැඟත් වෑන් රථය මෙසේ අනතුරුට පත්ව ඇතැයි මේ සම්බන්ධයෙන් ගෙනෙන ‘දිනමිණ’ වාර්තාවේ සඳහන් වෙයි.
සුපිරි වෙළඳසල්වලට භාණ්ඩ බෙදා යළි කොළඹ බලා ඉදිරියෙන් ධාවනය වූ අධිශීතකරණ ලොරියක පිටුපස ගැටීමෙන් මෙම අනතුර වී තිබූ බව පොලිසිය කියයි.
අනතුර වන අවස්ථාවේදී එම වෑන් රථයේ ඉදිරිපස වම් පස අසුනේ මියගිය තරුණිය අසුන්ගෙන සිට ඇතැයි පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.
ව්‍යාපාරික ක්ෂේත්රයේ රැකියාව කරන ඔවුන් එළඹෙන දෙසැම්බර් මස විවාහ ගිවිස ගැනීමට කටයුතු සූදානම් කර තිබී ඇතැයි පොලිසිය කියයි.
සිදු වූ අනතුරත් සමඟම තුවාල ලැබූවන් වෑන් රථයේ සිරවී සිට ඇති අතර පොලිස් විශේෂ කාර්ය බළකා ගිනි නිවීමේ සහ ජීවිත ගලවා ගැනීමේ නිලධාරීන් සහ රථ වාහන පොලිස් නිලධාරීන් කඩිනමින් එම ස්ථානයට ළඟා වන විටත් මාර්ගයේ ගමන් ගන්නා වාහනවල සිටි පිරිස් විසින් අනතුරට පත් වෑන් රථය තුළ සිරව සිටි තුවාලකරුවන් පිටතට ගෙන එයින් කුඩා දරු තිදෙනා රෝහල්ගත කිරීමට පියවර ගෙන තිබිණි.
තුවාලකරුවන් කහතුඩුව වෑතර දිසා රෝහල වෙතත් හෝමාගම මූලික රෝහල වෙතත් යොමු කිරීමෙන් අනතුරුව කුඩා දරු තිදෙනා වැඩිදුර ප්‍රතිකාර සඳහා කළුබෝවිල ශික්ෂණ රෝහල වෙත යොමු කර ඇතැයි රෝහල් ප්‍රකාශකයකු පැවැසීය.
හෝමාගම මූලික රෝහල වෙත ඇතුළත් කළ වැඩිහිටි පිරිමි පුද්ගලයන් දෙදෙනා සහ කාන්තාවන් දෙදෙනාගෙන් කාන්තාවක් මියගිය අතර අනෙක් කාන්තාව දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවත් පොලිසිය සඳහන් කරයි.
ඊශ්‍රායල රටේ සිට මෙරටට පැමිණීමට නියමිතව ඇත්තේ එම කාන්තාවගේ සැමියා බවත් තුවාල ලබා ඇත්තේද එම යුවළගේ දරු තිදෙනා බවත් පොලිසිය කියයි.
රියදුරුගේ අධික වේගයත් නින්ද යාමත් හේතුවෙන් අනතුර සිදුවන්නට ඇතැයි පොලිසිය සැක කරයි.
මෙම අනතුරින් වෑන් රථයට දැඩි ලෙස හානි සිදුව තිබූ අතර ලොරි රථයේ පිටුපස පිටතට සුළු හානි සිදුව තිබූ බව පොලිසිය සඳහන් කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart