
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
තමන් විදේශ අමාත්‍යවරයාව සිටි සමයේදීත් ශ්‍රී ලංකාවට ජාත්‍යන්තරයෙන් නොයෙකුත් බාධා පැමිණි බවත්, ඒවාට උපායමාර්ගික ලෙස ශ්‍රී ලාංකිකභාවයෙන් යුතුව මුහුණ දුන් බවත් එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක පවසයි.
ජනමාධ්‍ය හමුවේ අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ හිටපු හමුදාපතිවරුන් තිදෙනෙකු ඇතුළුව පෙරට පුද්ගලයින් සිව්දෙනෙකු ඉලක්ක කර බ්‍රිතාන්‍ය රජය විසින් පැනවූ සම්බාධක සම්බන්ධයෙන් මාධ්‍යවේදියෙකු යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ය.
රටක් වශයෙන් මේ මොහොතේ සුදුසු පරිදි ක්‍රියානොකළ හොත් පුද්ගලයින් කිහිපදෙනෙකුට පනවා ඇති සම්බාධක රටක් වෙත තල්ලුවීමේ හැකියාවක් පවතින බවත්, එසේ සිදුවුවහොත් රටක් වශයෙන් සියලුදෙනා අසාධාරණයට ලක්වන බවත් මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය.
එබැවින් රටක් වශයෙන් එක්ව සිට රාජ්‍ය තාන්ත්‍රිකව මෙම ගැටළුව විසඳා ගත යුතු බවත්, ආණ්ඩුව මේ මොහොතේ රට වෙනුවන් නිවැරදි පිළිතුරක් ලබාදිය යුතු බව ද මන්ත්‍රීවරයා පැවසුවේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart