
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ව්‍යාජ ඉමියුනොග්ලොබියුලින් එන්නත් ආනයනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් අතිරේක සෞඛ්‍ය ලේකම් වෛද්‍ය සමන් රත්නායක අද මාලිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම හමුවේ රහස් ප්‍රකාශයක් ලබාදී ඇත.
බන්ධනාගාර නිලධාරීන් සැකකරු අද පෙරවරුවේ මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළේය.
ඔහු පැය හතරක කාලයක් මහේස්ත්‍රාත් කුටියේ ප්‍රකාශයක් ලබාදී ඇති අතර, පසුව නැවත මහර බන්ධනාගාරයට ගෙනගොස් තිබේ.
මෙම නඩුවේ දසවැනි සැකකරු ලෙස සමන් රත්නායක නම්කර ඇත.
පොදු දේපළ පනත යටතේ වැරදි සිදු කළ බව කියන මෙම සිද්ධිය සම්බන්ධයෙන් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු සැකකරුවන් දසදෙනකු මාර්තු 14 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart