
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මහල් නිවාස සංකීර්ණ සහ මිශ්‍ර ව්‍යාපෘතිවල නිවාස හා ව්‍යාපාරික ස්ථාන අලෙවිය (සහාධිපත්‍ය වෙළඳාම) මේ වසරේ මුල් කාර්තුවේ දී පසුගිය වසරට සාපේක්ෂව සියයට 91කින් පහත වැටී ඇතැයි මහබැංකු වාර්තාවලින් අනාවරණවේ .
මෙම පහත වැටීම පසුගිය වසරේ අවසන් කාර්තුවට සාපේක්ෂව සියයට 40ක් බව එම වාර්තාවලින් පැහැදිලි වේ.
මේ වසරේ පළමු කාර්තුවේ සිදුවූ සහාධිපත්‍ය වෙළඳාමෙන් සියයට 50ක්ම, රුපියල් මිලියන 25ත් 50ත් අතර වටිනාකමින් යුත් නිවාස හා ව්‍යාපාරික ස්ථානවේ.
එමෙන්ම රුපියල් මිලියන 75ට වැඩි වටිනාකමින් යුත් නිවාස හා දේපළ මිලදී ගැනීම මේ වසරේ පළමු කාර්තුවේ සිදුව ඇත්තේ සියයට 07ක් පමණි.
එහෙත් පසුගිය වසරේ අවසන් කාර්තුවේ දී එම මිලදී ගැනීම් සියයට 16ක් විය.
මෙලෙස මහල් නිවාස හා ව්‍යාපාරික ස්ථාන මිලදී ගැනීම පහත වැටී ඇත්තේ ඒවායේ මිල ගණන් පසුගිය වසරට වඩා සියයට 10කින් ද ඉහළ ගොස් ඇති පසුබිමකය.
මිලදී ගන්නා වූ දේපළවලින් සියයට 50කට ආසන්න ප්‍රමාණයක් මෙරට ක්ෂණික පදිංචිය සඳහා වන අතර, සියයට 28ක් පමණ අනාගත පදිංචිය සඳහාය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart