
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා සහ පක්ෂ නායක සජිත් ප්‍රේමදාස අතර නැවතත් මත ගැටුමක් නිර්මාණය වී ඇති බව වාර්තා වේ.
සරත් ෆොන්සේකා මන්ත්‍රීවරයාගේ ප්‍රධානත්වයෙන් ‘නිරායුධ නිර්පාක්ෂික අරගලය විප්ලවයක් කරා’ යන තේමාව ඔස්සේ විරෝධතාවක් පසුගියදා සංවිධානය කර තිබූ අතර, ඊට සමගි ජන බලවේගයේ වෙනත් කිසිදු මන්ත්‍රීවරක් හෝ පාක්‍ෂකයන් සහභාගී නොවීම මෙම ගැටුමට හේතුවී තිබේ.
වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ පාලනයට එරෙහිව නිර්පාක්ෂික අරගලයක් දියත් කිරීම මෙම විරෝධතාවේ අරමුණ ලෙස ප්‍රකාශ කර තිබිණි.
එම විරෝධතාව සංවිධානය කර තිබුණේ පසුගිය අගෝස්තු 11වැනිදා කොළඹ පුරහල ඉදිරිපිටදී ය.
මෙම විරෝධතාවට සහභාගී නොවන ලෙස විපක්ෂ නායකයා විසින් සජබ මන්ත්‍රීවරුන්ට සහ ඔවුන් හරහා පක්ෂ සාමාජිකයන්ව දැනුවත් කර තිබීම හේතුවෙන් සරත් ෆොන්සේකා මන්ත්‍රීවරයා, ඒ සම්බන්ධයෙන් සෘජුවම පක්ෂ නායකත්වයට චෝදනා කර ඇතැයි පැවැසේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart