
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ නියෝජිත පිරිසක් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතර පැවැත්වීමට යෝජිත හමුවක් සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේදී උණුසුම් සංවාදයක් ඇති වූ අතර, හෙට පැවැත්වෙන බවට වාර්තා වූ මෙම හමුව සම්බන්ධයෙන් පටිපාටිගත දෝෂයක් (Procedural Error) පවතින බව සභානායක බිමල් රත්නායක පැවසීය.
“මෙවැනි හමුවක් කැඳවීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට බලයක් නැහැ. එම තීරණය ගත යුත්තේ පක්ෂ නායකයින් විසිනුයි. මෙතැන පටිපාටිගත දෝෂයක් තියෙනවා” යනුවෙන් සභානායකවරයා පැවසීය.
මෙම හමුව පිළිබඳව වාර්තා කිරීම සම්බන්ධයෙන් ඔහු ජනමාධ්‍ය වෙත ද දෝෂාරෝපණය කළේය.
ඊට පිළිතුරු දෙමින් සජිත් ප්‍රේමදාස පැවසුවේ, මෙම හමුව පිළිබඳව තමන් කථානායක ජගත් වික්‍රමරත්න දැනුවත් කළ බවත්, ඒ සඳහා සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට සහභාගී වීමට පහසුකම් සලසා දෙන ලෙස කථානායකවරයාට දැනුම්දුන් බවත්ය.
“මම ජූලි 31 වැනිදා කථානායකවරයාගෙන් මෙම ඉල්ලීම කළා” යැයි ද ඔහු වැඩිදුරටත් පැවසීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart