
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ජනාධිපති උපදේශක සාගල රත්නායක බහුජාතික සමාගම් දෙකක් සමඟ එක්වී මෙරටට තිරිගු පිටි ආනයනය නතර කර ඇති බවත් බහුජාතික සමාගම් දෙකකට ඒකාධිකාරී බලය පවරාදෙමින් බරපතල විෂමාචාරයක නිරතවන බවටත් ජාතික ජනබලවේගයේ විධායක සභික වසන්ත සමරසිංහ චෝදනා කරයි.
අන්තර්ජාල නාලිකාවක් සමග සාකච්ඡාවකට එක් වෙමින් වසන්ත සමරසිංහ අනාවරණය කරන්නේ, සාගල රත්නායක කැබිනට් මණ්ඩලයට හෝ නොදන්වා තිරිඟු පිටි ආනයනය නතර කර ඇති බවයි.
තිරිඟු පිටි ආනයනයේ දී කිලෝ වක් සඳහා රුපියල් 35 මුදලක් අයකෙරෙන බවත් ලෝක වෙළෙඳ පොළේ තිරිඟු පිටි කිලෝව රුපියල් 110 ක අගයක පවතින අවස්ථාවක මෙම බදු මුදල ද එක් කොට ව්‍යාපාරිකයන්ට ලාභ උපයා ගනිමින් කිලෝවක් රුපියල් 165 ක වැනි මුදලකට අලෙවි කිරීමේ අවකාශය පවතින බවත් ඔහු මෙහිදී පෙන්වා දෙයි.
කෙසේ වෙතත් සාගල රත්නායකගේ මැදිහත්වීම මත තිරිඟු පිටි ආනයනය නවතා, කිලෝවක් රුපියල් 03ක බදු මුදලකට යටත්වන සේ බහු ජාතික සමාගම් දෙකකට තිරිඟු ඇට ආනයනය කිරීමට ඉඩ ලබාදී ඇති බවත් ඔහු හෙළි කරයි.
එම වාසිය ද හිමි කර ගත් අදාළ බහුජාතික සමාගම් තිරිඟු පිටි කිලෝවක් අලෙවි කරන්නේ රුපියල් 215 වැනි මුදලකට බවත්, මෙවැනි කටයුතු හරහා ජනතාව විශාල සුරාකෑමකට ලක් කරමින් සිටින බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart