
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ලබන සතියේ (26) සර්ව පාක්ෂික සමුළුවක් කැඳවා ඇති අතර, එහිදී 13වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට නියමිත බව ඇමැති ජීවන් තොණ්ඩමන් පවසයි.
13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ඇතුළුව උඩරට දෙමළ ප්‍රජාව සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් යුත් දූත පිරිස සාකච්ඡා කළ බවත්, එම සාකච්ඡා සාධනීය ලෙස අවසන් වූ බවත් ඇමැතිවරයා ඉන්දියාවේ සිට ආපසු පැමිණීමෙන් පසු ජනමාධ්‍යවේදීන් අමතමින් පැවසීය.
“ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඉන්දියාවට ගිය දූත පිරිසේ මම සාමාජිකයෙක්. අගමැති නරේන්ද්‍ර මෝදි සමඟ පැවති ද්විපාර්ශ්වික සාකච්ඡාවේදී 13 වැනි සංශෝධනය ක්‍රියාත්මක කිරීම, බලශක්ති හා ආර්ථික සංවර්ධනය පිළිබඳ අවබෝධතා ගිවිසුම් සහ ශ්‍රී ලංකාවේ ඉන්දියානු සම්භවයක් ඇති දෙමළ ප්‍රජාවගේ සංවර්ධනය පිළිබඳව සාකච්ඡා කළා” ඔහු පැවැසීය.
ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි ශ්‍රී ලංකාවේ ඉන්දියානු සම්භවයක් ඇති දෙමළ ප්‍රජාවගේ අභිවෘද්ධිය සඳහා රුපියල් මිලියන 3000ක් වෙන් කර ඇති අතර, මෙම අරමුදල් කන්ද උඩරට දෙමළ ජනතාවගේ අධ්‍යාපනය සහ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ උන්නතිය සඳහා යෙදවීමට පියවර ගන්නා බවද ඇමැතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
ඉන්දීය මුදලින් නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඉදිකිරීමට යෝජිත විශ්වවිද්‍යාලයේ කටයුතු කඩිනම් කරන බව ද ඇමැතිවරයා පැවසීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart