
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
තමන් පාස්කු සටන් විරාමයක් ප්‍රකාශයට පත් කළ බැවින් යුක්රේනයේ සියලු හමුදා ක්‍රියාකාරකම් නවත්වන ලෙස තම හමුදාවන්ට නියෝග කළ බව රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් පවසා තිබේ.
පැය 30 ක සටන් විරාමය මොස්කව් වේලාවෙන් ඉරිදා රාත්‍රී 10 දක්වා බලපැවැත්වෙනු ඇතැයි ද පුටින් පවසයි.
එහෙත් ඔහු දැනුම් දී ඇත්තේ ඇති විය හැකි ඕනෑම උල්ලංඝනයකට ප්‍රතිචාර දැක්වීමට රුසියානු හමුදා සූදානම් විය යුතු බවයි.
කෙසේවෙතත් යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කි පවසා ඇත්තේ යුක්රේනය ද සටන් විරාමයට අනුගත වන නමුත් රුසියාව එය බිඳ දැමූ බවයි.
රුසියාව හදිසියේම පූර්ණ සහ කොන්දේසි විරහිත නිශ්ශබ්දතාවයේ ආකෘතියක නිරත වීමට සූදානම් නම්, යුක්රේනය ඒ අනුව ක්‍රියා කරනු ඇතැයි සෙලෙන්ස්කි පවසා තිබේ.
එහෙත් රුසියාවේ කර්ස්ක් සහ බෙල්ගොරොද් ප්‍රදේශවල සටන් අඛණ්ඩව පවතින බවත් රුසියානු ඩ්‍රෝන යානා එම ප්‍රදේශවල
ක්‍රියාකාරීව බවත් ඔහු පැවසීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart