
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව සහ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව ඒකාබද්ධ රාජ්‍ය සමාගමක් බවට පත්කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය ලැබී ඇතැයි ‘දේශය’ පුවත්පත වාර්තා කරයි.
එම වාර්තාවට අනුව රාජ්‍ය ව්‍යවසායන් ප්‍රතිව්‍යුහගතකරණය කිරීමේ කමිටුව ලබාදුන් උපදෙස් අනුව කැබිනට් මණ්ඩලය මෙම තීරණය ගෙන තිබේ.
මෙම ආයතන දෙකම දැනට අධික ණය බරින් මිරිකෙන බව මේ සම්බන්ධව රජය කරන ලද අධ්‍යයනයකදී හෙළිදරව් වී ඇත.
ඒ අනුව, රූපවාහිනී සංස්ථාව රුපියල් මිලියන 1300ක්ද ගුවන්විදුලි සංස්ථාව රුපියල් මිලියන 800ක්ද ණය ගෙවීමට ඇතැයි වාර්තා වෙයි.
එසේම මෙම ආයතන දෙකේ විදුලිය බිල මසකට රුපියල් මිලියන 60ක් පමණ වෙයි.
ආයතන දෙකෙහි වැටුප් සඳහා රුපියල් මිලියන 100ක් පමණ වැයවෙයි.
ඊට අවශ්‍ය අරමුදල් පවා උපයා ගැනීමට මෙම ආයතනවලට අසීරු වී ඇති නිසා මෙලෙස අදාළ ආයතන දෙක ප්‍රතිව්‍යුහගතකරණය කොට ඒකාබද්ධ රාජ්‍ය සමාගමක් බවට පත්කළ යුතු යැයි කැබිනට් මණ්ඩලය තීන්දුකර ඇත.
මෙම සංස්ථා දෙකෙහිම සමස්ත සේවක සංඛ්‍යාව 1100ක් පමණ වන බවද සඳහන්ය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart