September 30, 2024

විදේශ දූත මණ්ඩලවල සහ කාර්යමණ්ඩලවල දේශපාලන පත්වීම් සම්බන්ධයෙන් සමාලෝචනය කරමින් සිටින බව විදේශ ඇමැති විජිත හේරත් ජනමාධ්‍ය කළ විමසුමකදී පවසා ඇත .

අනතුරුව ඒ පිළිබඳව විධිමත් ලෙස කටයුතු කිරීමට සූදානම් බවද හෙතෙම පවසා තිබේ.

තානාපතිවරුන් සහ මහා කොමසාරිස්වරුන් ඉවත්කිරීම හදිසියේ නොකරන බව පවසා ඇති ඇමතිවරයා, සියලුදෙනාගේ නාමලේඛනයක් සකස් කර දෙන ලෙස අමාත්‍යාංශ නිලධාරීන්ට දන්වා ඇති බවද සඳහන් කර ඇත.

තානාපතිවරුන් සහ මහකොමසාරිස්වරුන් හදිසියේ ඉවත්කිරීමෙන් එම සේවයට බාධා සිදුවීමට ඉඩ ඇති හෙයින් ක්‍රමානුකූලව කටයුතු කිරීමට සිදුවන බවද ඔහු වැඩිදුරටත් පවසා තිබේ.

42.31%
17.27%
32.76%