
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මැතිවරණ කොමිසමේ නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීමේ චෝදනාව මත අත්අඩංගුවට ගත් රුහුණු ජනතා පක්ෂයේ සාමාජිකයකු කොළඹ අතිරේක මහේස්ත්‍රාත් බණ්ඩාර ඉලංගසිංහ විසින් ඇප මත මුදා හරින ලදී.
චතුරංග චන්දිමාල් නමැති සැකකරු රුපියල් 7500ක මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 5ක ශරීර ඇප මත මුදා හැර තිබේ.
රාජගිරියේ පිහිටි මැතිවරණ කොමිෂන් සභා කාර්යාලයට ඇතුළු වීමට ඔහුට අවසර පත්‍රයක් ඇති බවත් එබැවින් ඔහුට නීති විරෝධී ලෙස ඇතුළු වූ බවට චෝදනා එල්ල කළ නොහැකි බවත් ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වා සිටියේය.
සැකකරු ඇප මත මුදා හරින ලෙස නීතිඥවරයා ඉල්ලා සිටියේය.
ඇප නියම කරමින් අතිරේක මහේස්ත්‍රාත්වරයා සැකකරුට නියෝග කළේ විමර්ශනවලට සහයෝගය දක්වන ලෙසත් ඔහුගේ ජංගම දුරකථනය සහ ලැප්ටොප් පරිගණකය පරීක්ෂා කිරීමට පොලිසියට අවසර දෙන ලෙසත්ය.
රුහුණු ජනතා පක්ෂය විසින් නාමල් රාජපක්ෂ සහ නුවන් බෝපගේ යන අපේක්ෂකයන් සම්බන්ධයෙන් අදාළ දිනයේ විරෝධතා ඉදිරිපත් කළ අතර කෙසේවෙතත් එම විරෝධතා මැතිවරණ කොමිසම ප්‍රතික්ෂේප කර තිබිණි
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart