
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයකු වන ශාන්ත ප්‍රේමරත්නට අල්ලස් ඉල්ලීම සහ ලබාගැනීමේ චෝදනාවකට ලබාදී තිබූ වසර 4ක බරපතල වැඩ සහිත සිරදඬුවමක් අභියාචනාධිකරණය තහවුරු කර තිබේ.
2017 වසරේ කොළඹ මහාධිකරණය ශාන්ත ප්‍රේමරත්නට දඬුවම් නියම කළේ රැකියා දෙන බවට පොරොන්දු වී රුපියල් 50,000 ක අල්ලසක් ඉල්ලා සිටීම සහ එය ලබාගැනීම සම්බන්ධයෙනි.
2007 වසරේදී ලංකා විදුලිබල මණ්ඩලයේ රැකියාවක් ලබාදෙන බවට පොරොන්දු වී කාන්තාවකගෙන් අල්ලස් ගැනීම සම්බන්ධයෙන් අධිකරණය ඔහු වරදකරු කළේය.
කෙසේවෙතත්, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් ගොනුකර තිබූ නඩුවකට අනුව ඔහු වැරදිකරු වී දඬුවම් නියම කර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart