
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ගත වූ මාස නවයක කාලයක් තුළ රියැදුරු බලපත්‍ර නිකුත් කිරීමේදී එක්දින සේවාව යටතේ එක් බලපතකින් රු.5,000 බැගින් අනීතිකව අයකරමින් දිනකට බලපත්‍ර 400කට ආසන්න සංඛ්‍යාවක් නිකුත් කර ඇති බව රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේදී (කෝපා කමිටුවේදී) අනාවරණය වේ.
මෙලෙස එක්දින සේවාව යටතේ නිකුත් කරන ලද රියැදුරු බලපත්‍ර අතර සාමාන්‍ය ක්‍රමවේදය යටතේ අයැදුම් කළ බලපත්‍රද ඇතුළත් බවද මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගෙන් කමිටුව කළ ප්‍රශ්න කිරීමේදී හෙළිව ඇත.
එසේම අන්තර්ජාතික රියැදුරු අවසර පත්‍ර නිකුත් කිරීමේදී ශ්‍රී ලංකා ඔටෝ මොබයිල් සංගමය විසින් ඉදිරිපත් කරන අයදුම්පත් සඳහා අන්තර්ජාතික රියැදුරු අවසර පත්‍ර ලබා දීමේදී අයකළ යුතු ගාස්තුවලට පරිබාහිරව 2023 හා 2024 වසරවලදී රු.කෝටි 52කට අධික මුදලක් අනීතිකව අය කරගෙන ඇති බවද දෙපාර්තමේන්තු නිලධාරීන් පිළිගෙන තිබේ.
එසේම මෙරටට පැමිණෙන අන්තර්ජාතික රියැදුරු අවසර පත් හිමියන්ගෙන් කිසිදු නෛතික පදනමකින් තොරව එක් අයෙකුගෙන් රු.8,466ක් වන පරිදි අය කරමින් ‘රෙකග්නිෂන් පර්මිට්’ නමින් අනීතික රියැදුරු අවසර පත්‍රයක් නිකුත් කිරීමට කටයුතු කර ඇති බවද කෝපා කමිටුවේදී හෙළිව ඇත.
මේ තොරතුරු අනාවරණය වන්නේ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කෝපා කමිටුව හමුවට කැඳවා සිදුකළ ප්‍රශ්න කිරීමේදී අනාවරණය වූ තොරතුරු ඇතුළත් කර පසුගියදා නිකුත් කළ එම කමිටු වාර්තාවේය.(සිළුමිණ)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart