
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
සියලුම විශ්‍රාමිකයන්ට ලබන සතියේ සිට මාසිකව රුපියල් 3000ක අතුරු දීමනාවක් ලබාදීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන්ට උපදෙස් දී තිබේ.
රුපියල් 3,000 දීමනාව ඔක්තෝබර් මස විශ්‍රාම වැටුපට එක්කිරීමේ ප්‍රමාදය සමාලෝචනය කිරීමෙන් අනතුරුව මෙම මුදල ඉදිරි සතිය තුළ විශ්‍රාමිකයන්ගේ ගිණුම්වලට බැර කරන ලෙස ජනාධිපතිවරයා නියෝග කර ඇත.
ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් මුදල් අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සමඟ පසුගිය සතියේ ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවැති සාකච්ඡාවකදී මෙම උපදෙස් ලබාදී තිබේ.
සියලුම විශ්‍රාමිකයන්ට මාසිකව රුපියල් 3000ක අතුරු දීමනාවක් ලබා දෙන ලෙස රාජ්‍ය පරිපාලන දෙපාර්තමේන්තුව විසින් 2024/08/24 දිනැති අංක 02/2024 දිනැති චක්‍රලේඛය නිකුත් කර තිබුණද ඒ සඳහා මුදල් වෙන් කර නොතිබිණි.
මේ පිළිබඳ සමාලෝචනය කළ ජනාධිපති අනුර කුමාර දිසානායක මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන්ට දැනුම්දුන්නේ අවශ්‍ය මුදල් ලබාදීමට වගබලා ගන්නා ලෙසයි.
ඔක්තෝබර් මස විශ්‍රාම වැටුප සමඟ රුපියල් 3000 දීමනාව නොගෙවීම හේතුවෙන් විශ්‍රාමිකයන් මුහුණ දෙන දුෂ්කරතා සහ ඔවුන්ගේ ඉල්ලීම් සැළකිල්ලට ගනිමින් රජය පවතින මූල්‍ය දුෂ්කරතා මධ්‍යයේ වුවද මෙම මස සිට එය ගෙවීමට කටයුතු කිරීමට ජනාධිපතිවරයා තීරණය කළේය.
ඔක්තෝබර් විශ්‍රාම වැටුප දැනටමත් විශ්‍රාමිකයන්ගේ ගිණුම්වලට බැර කර ඇති බැවින් ඉදිරි සතිය තුළ රුපියල් 3000 දීමනාව ඔවුන්ගේ ගිණුම්වලට බැර කරන ලෙසත් ලබන මාසයේ සිට මෙම දීමනාව මාසික විශ්‍රාම වැටුපට එක් කරන ලෙසත් ජනාධිපතිවරයා නිලධාරීන්ට උපදෙස් දී තිබේ.
ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක, මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන ඇතුළු මුදල් අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් රැසක් මෙම හමුවට එක්ව සිටියහ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart